මේ බොහෝ දෙනා හීන දකින් වෘත්තියක්.. ඉතින් ඔන්න ඔබේ ඒ හීනය සැබෑකරගන්න ඔබට අවස්ථාව තිබෙනවා..
මේ කියන්නේ අන්න ඒ ගැනයි..
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා...
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2020 සිට 2022 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිත බව එම නිවේදනයේ සදහන්..
ඒ අනුව, ලබන 28 වනදා දක්වා කාලය තුළ එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා..
මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි..