මේ සිදුවීම සිදුවෙලා තියෙන්නේ හරියටම ඊයේ රාත්‍රියේදීයි..
දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රි 11.45ට සිදුකල වෙඩි තැබිමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා...
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් ටි-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිණි අවි දෙකකින් මෙම වෙඩි තැබිම සිදු කොට පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ...
යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනාගේ යහලුවෙකුගේ උපන් දිනය සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර එයට සහභාගි වි නැවත සිය නිවෙස් වෙත පැමිනෙමින් සිටියදි පසුපසින් පැමිණි වැන් රථය යතුරු පැදියේ හප්පා යතුරු පැදියේ ගමන් කල තරුණයින් දෙදෙනාට ඉන් අනතුරුව මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවට පොලීසිය සිදු කල මුලික විමර්ශන වලදි අනාවරණය වූ බවද පොලීසිය පවසනවා...
වෙඩි තැබිම සිදුවු ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39ක් ජීව උණ්ඩ 02ක්ද මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02ක් සොයා ගැනිමට පොලිසිය සමත්වි තිබෙනවා...
වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන එවුරි වර්ගයේ වෑන් රථයක් වෙඩි තැබිම සිදුවු ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිණි තබා ගොස් තිබියදි පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර එය තුල ටි-56 තුවක්කුවකට යොදන මැගසීනයක් හා තවත් ටි-56 උණ්ඩ කොපු හමුවූ බවද පොලිසිය සඳහන් කළා...
මෙ වෙඩි තැබිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමේෂ් නදිෂාන් හා පසිදු තාරුක නැමති 28 හැවිරිදි වයසේ පසුවන තරුණයන් දෙදෙනෙක්..
වෙඩි තැබිම සිදුවු ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය විසින් අද (22) අලුයම් කාලයේදිම සිදු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ..
වෙඩි තැබිම සිදු කල පුද්ගලයින් හෝ මෙම වෙඩි තැබිමට හේතුව පිලිබදව මේතෙක් කිසිවක් අණාවරණය නොවන බවත් වෙඩිතැබිම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදව විමර්ශන කටයුතු සිදුවන බව පොලසිය පවසයි..