චීනයේ විකල්පමය බෙහෙත් අතරේ ගොඩක් ප්‍රසිද්ධ සහ හොඳම ප්‍රතිකාරයක් විදියට සුව නින්දකට මග පාදන්න පුළුවන් චීන කටු චිකිත්සා ක්‍රමවේදයන් රාශියක් තියෙනවා.
මේ අතරේ සුව නින්දකට මග පාදන කකුලට කල හැකි ප්‍රතිකාරයක් ගැනයි මේ කියන්න යන්නේ. මෙම ප්‍රතිකාරය කල යුතු කකුලේ නියමිත ස්ථානය චීන කටු චිකිත්සාවේදී හඳුන්වන්නේ සැන් යින් ජියා ඕ යන නමින්.
ඔබ පළමුව මේ ස්ථානය හොඳින් හඳුනාගත යුතුයි. ඒ අනුව ඔබේ පාදයේ ඇතුලත වළලූකර අස්ථියේ මුදුනත සොයා ගන්න. එතන සිට ඔබේ අතැගිලි 4ක් පාදයේ ඇතුලතට වන්නට තබන්න. මෙම ස්ථානය තමයි නියමිත ස්ථානය.
සිදුකරන ආකාරය
අදාල ස්ථානය ඔබේ අත්ලෙන් හොඳින් තෙරපමින් වක්‍රාකාරව තත්පර 6ක් පමණ හොඳින් මසාජ් කරන්න. ඉන් පසු තත්පර 2ක් පමණ නිදහස්ව ඉන්න. මේ ආකාරයට අඩුම තරමින් විනාඩි 05ක් වත් මසාජ් කරන්න මෙය ඔබේ අනෙක් පාදයටත් එසේම කල හැකියි.
මෙම චීන කටු චිකිත්සා ක්‍රමය එක් කකුලකට එක් වරකට වඩා කල හැකි නම් ඔබට වඩාත් හොඳ සුවයක් හා වාසි ලබාගත හැකියි. ඒ වගේම මෙම ප්‍රතිකාරය දිනපතාම රාත්‍රියට කල හැකියි නම් එහි සාර්ථක හා උපරිම ප්‍රතිඵල අත්විඳිය හැකියි.
සැලකිය යුතුයි
ඔබට මෙය කරගෙන යාමේදී යම් වේදනාවක් දැනෙනවා නම් එයින් කියවෙන්නේ ඔබ වැරදි ස්ථානයකටයි මේ ප්‍රතිකාරය කරන්නේ කියල. ඒ නිසා වේදනාවක් දැනුනු වහාම මෙය නතර කරන්න.
මෙම ස්ථානය මේ විදියට මසාජ් කරනකොට නින්ද නොයාම, මුත්‍රාශය සම්බන්ධ රෝග, ශ්‍රෝණිය සම්බන්ධ රෝග වගේ අපහසුතාවයන් ඉබේම අඩු වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි කෑම දිරවීමත් පහසු වෙනවා.
මිනිස්සු තමන්ගේ එක එක වේදනාවන් රෝග අපහසුතා ගැන තර්කානුකුලව හිතල බොහොම සරල උපක්‍රමයකින් සෞඛ්‍ය සම්පන්න බව වැඩි කරගන්න හොයා ගත්තු බොහොම සරල ස්වභාවික ප්‍රතිකාරයක් හැටියට මෙය පෙන්වන්න පුළුවන්.
ඒ වගේම මේ ප්‍රතිකාරය නිසා ලේ ගමනාගමනය ක්‍රමවත් වෙනව වගේම ගුද මාර්ගය සහ වකුගඩුත් ක්‍රමවත් කරනවා.
මෙම ප්‍රතිකාරය නිසා ඵලදායි විදියට සිරුරේ බොහෝ වේදනාවන් අඩු කරනවා හා තරුණ ගැහැණු ළමයින්ගේ ඔසප් චක්‍රයේ පවතින විවිධ ගැටලූවලට පිළියම් සපයනවා හා මානසික ආතතිය අඩු කරනවා වගේම කාන්තාවන්ගේ නිරෝගී බව වැඩි කරන බවත් පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා.