රට යන්න හීන දැකපු ඔයාට සුබම සුබ ආරංචියක් කියන්නයි මේ යන්නේ.
දේශපාලන මැදිහත්වීමකින් තොරව සෑම ගමකටම විදේශ රැකියා අවස්ථා ලබා දෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි සභාපති කෝශල වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ, ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා සඳහා තෝරා ගත් ප්‍රථම කණ්ඩායම අමතමින්.
මෙම කණ්ඩායමට රැකියාලාභීන් 50 දෙනෙකු ඇතුළත් වෙන අතර පසුගිය වසරේ නොවැම්බර් මස පැවති ප්‍රායෝගික පරීක්ෂණවලින් තෝරාගත් මෙම පිරිස මේ වසරේ ජනවාරි මසදි ඊශ්‍රායලයට විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ක්‍රමය වන ලොතරයි ඇදීම මගින් තෝරාගෙන ඇති බව සඳහන්.
වසර 5ක කාලයක් සඳහා රැකියා කිරිමට මේ යටතේ අවස්ථා හිමි වන බවයි, විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරන්නේ.
මෙම රැකියා අවස්ථා සියලුම ගම්මානවලට සමානව ලබාදීමට පියවර ගන්නා බවද සභාපතිවරයා අවධාරණය කරනවා.
එහිදී කිසිදු දේශපාලන මැදිහත්විමක් නොකොට තෝරා ගැනීමේදී පූර්ණ විනිවිද භාවයකින් යුතුව ඔවුන් තෝරා ගැනීමට අවශ්‍ය විධි විධාන යොදා ඇති බව යි ඔහු සදහන් කරන්නේ.
මේ වසරේදි විදේශ රැකියා සදහා ශ්‍රමිකයන් 344,000ක් විදේශ ගත කිරිමට නියමිත බව සදහන්.