ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක පුහුණු ගුවන් යානයක් අද උදෑසන වාරියපොල, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ගිනිගැනීමට ලක් වුණා.
අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත් වී තිබූ අතර එක් නියමුවෙකු ගොඩබැසීමේදී සුළු තුවාල ලබා ඇති බව සදහන්.
පසුව ප්‍රදේශවාසීන් එක්ව සුවසැරිය ගිලන් රථයකින්ඔහුන් කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.
මෙලෙස අනතුරට ලක්වී තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K-8 වර්ගයේ උසස් පුහුණුවීම් සඳහා යොදාගන්නා ප්‍රහාරක ගුවන් යානයක්.
යානය පුහුණු පියාසැරියක් සඳහා අද උදෑසන 7:27ට කටුනායක ගුවන්තොටුපොළින් ගුවන්ගත කර තිබු අතර යානය අනතුරට ලක්වී ඇත්තේ උදෑසන 7.55ට පමණයි.