තාක්ෂණය ශීඝ්‍රයෙන් දියුණු වෙන ලෝකයේ මේ වගේ සොයාගැනීම් සිදුවෙන එක සාමාන්‍ය දෙයක් වුණත් මේ ඇසෙන්නේ ඒ ගැන ටිකක් වෙනස් විදිහක කතාවක්..
ටෙස්ලා සමාගම සිය සයිබර්ට්‍රක් වාහන 46,000කට ආසන්න සංඛ්‍යාවක් ආපසු කැදවීමට තීරණය කර තිබෙනවා..
මෙය සමාගමට අනන්‍ය වූ විශේෂාංග සහිත සයිබර්ට්‍රක් රථය සඳහා සිදුකළ 8 වැනි ආපසු කැඳවීම වෙනවා..
ඒ අනුව, 2023 නොවැම්බර් 13 සිට 2024 පෙබරවාරි 27 දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද සියලුම සයිබර්ට්‍රක් වාහන මෙසේ ආපසු කැඳවන බවයි වාර්තා වන්නේ..
ඇමෙරිකාවේ ජාතික මාර්ග ආරක්ෂණ අධිකාරියට (NHTSA) ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වන්නේ, මෙම වාහනවලින් සෑම සියයකින් එකක් පමණක් දෝෂ සහිත වුවද, ආරක්ෂාව සලකා සම්පූර්ණ වාහන කාණ්ඩය ආපසු කැඳවීමට තීරණය කර ඇති බවයි..
මෙම ගැටලුව සම්බන්ධයෙන් වගකීම් පදිංචිවීම් 151ක් 2025 මාර්තු 14 වනදාට හඳුනාගෙන ඇති අතර, එමඟින් අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි බව පෙන්වයි..
මෙය වාහනයක පිටත ඇති ආලංකාර පැනලයක් ලිහිලා වැටීම හේතුවෙන් සිදුවෙයි..
කෙසේ වෙතත්, සමාගම සඳහන් කළේ කිසිදු අනතුරක්, තුවාලයක් හෝ මරණයක් මෙයට අදාළව වාර්තා වී නොමැති බවයි..
සයිබර්ට්‍රක් වාහනයේ මිල ඇමරිකානු ඩොලර් 80,000 සිට 100,000 දක්වා වන අතර, මෙයට පෙර අවස්ථාවලදී ද විවිධ දෝෂ හේතුවෙන් වාහනය ආපසු කැඳවීම් සිදුකර තිබෙනවා..