මේ කියන්න යන්නේ තවත් එක් විශේෂ සිද්ධියක් ගැන ඇසෙන කතාවක්.. මේ වෙඩිතැබීම පසුපස බොහෝ දෙනෙක් ඇති..
ඊට ඇගේ ඇති සම්බන්ධය කුමක්ද..? අබිරහසක් ඉතුරු කළ මේ කතාව ගැනයි ඒ කියන්නේ..
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී පසුගිය 17 වැනිදා පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මෙම අපරාධයට අධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පසුගිය 18 වැනිදා රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම සැකකරුගේ බිරිඳ මෙම අපරාධයට අධාර අනුබලදීම සම්බන්ධයෙනුයි ඊයේ (20) ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ..
සැකකාරිය වයස අවුරුදු 24ක් වන කොටුවිල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්..
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා...