ජිවිතේ කිසිම මොහොතක මෙවන් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න වේවී කියලා එයාලා කිසිම දවසක හිතන්න නැතුව ඇති...
මේ කියන්න හදන්නේ හද රිදවන ඒ කතාවයි...
පැලවත්ත - නෙළුව ප්‍රධාන මාර්ගයේ 7 කනුව පන්සල ආසන්නයේදී අද(20) පස්වරුවේ මාරක අනතුරක් සිදුව තිබෙනවා.
ත්‍රිරෝද රථයක් සහ තේ දළු රැගෙන යන ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර හේතුවෙන් ත්‍රිරෝද රථයේ ගමන්කළ සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.