කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේ දී ඊයේ බියර් කන්ටේනර් රථයක් පෙරළී තිබුණා...
එහිදී සිදු වූ අනතුරෙන් පසු ඇතැම් ප්‍රදේශවාසීන් කඩිමුඩියේ බියර් බෝතල් එකතු කරමින් හැසිරුණු ආකාරය දකින්නට ලැබෙන වීඩියෝ සහ පින්තූර සමාජ මධ්‍ය හරහා සංසරණය වුණා...
ඒ සිදුවීම වුණු අවස්ථාවේදී සමහර අය හැසිරුණු ආකාරය ගැන සමාජයේ විවිධ මත පලවුණා...
එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මාලිංග පවසා සිටියේ, 'system change වී ඇති බව පෙනෙන බවයි. ඒ වෙනුවෙන් දරණ මහන්සිය සහ එකමුතුකම පුදුමාකාරයි නේද ?' යනුවෙනි.
මාලිංග සිය ෆේස්බුක් ගිණුමේ දැක් වූ සටහනේ මෙන්න මේ විදිහටයි සඳහන්ව තිබුණේ...
" පුදුම සතුටක් දැනෙනව. 225 හොරැ නිසා මේ රට නැත්තටම නැති වූ බව කියා මහ සද්දයක් ඇහුන කියල මතකයි. 75 වසරක සාපයක් ගැනද මහා හඩින් මොර දෙන සද්දද අදටත් විටින් විට ඇසෙයි. අවබෝදයෙන් system change වී ඇති බව පෙනේ ... ඒ වෙනුවෙන් දරන මහන්සිය සහ එක මුතු කම පුදුමාකාරයි නේද ? වෙනස් වෙන්න උත්සාහ කරමු."