බොහෝ දෙනෙක් මගබලාගෙන හිටිය බලාගෙන හිටිය ඒ සුබ ආරංචිය ගැන දැනගන්න ඔබත් කැමතිද..?
ලබන සතියේ සිට ආනයනික වාහන මෙරට වෙළදපොළට නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා..
ජපානයෙන් ආනයනය කර රේගුවේ සිරවී තිබෙන වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් මෙම පියවර ගැනීමට හැකි වන බවයි එහි සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ..
ජපානයෙන් ආනයනය කර රේගුවේ සිරවී තිබෙන වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා..
ඊයේ නිකුත් කළ මෙම ගැසට් පත්‍රය මගින් එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලැබෙන අතර වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාකද ඉවත් වනු ඇති..
මේ අතර ආනයනය කරන ලද දෙවන වාහන තොගයේ තිබූ විද්‍යුත් වාහන 462ක් දේශීය වෙළඳපොළට මුදාහැරීමට පියවර ගත් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිවේදනය කරනවා...
දෙවන කාණ්ඩය යටතේ, වාහන 1159ක් මෙරටට ගෙන්වා තිබූ අතර ඉන් වාහන 669 ක් ප්‍රතිනැව්ගත කළ බවයි අදාළ නිවේදනයේ දැක්වුණේ...