මේ කියන්න යන්නේ ජ්‍යේෂ්ඨ පුරවැසි ඔබට ලැබෙන්න යන සහනයක් ගැන කතාවක්..
රාජ්‍ය ඔසුසැල් හරහා ජ්‍යේෂ්ඨ පුරවැසියන් ඖෂධ මිලදී ගන්නා විට කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදු කරන්නේ නම් සියයට 3ක වට්ටමක් ද මුදල්වලින් ගෙවීම් සිදු කරන්නේ නම් සියයට 5ක වට්ටමක් ද ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවා..
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදීයි..
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසුවා,
''ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට යහපත් ජීවිතයක් පවත්වාගෙන යාමට, අවශ්‍යවන මූල්‍ය අවශ්‍යතාවය සලකලා බලලා, ලක්ෂ දහයට අඩු තැන්පත් හිමියන් සඳහා අමතර සීයට තුනක තැන්පතු පොලියක් ලබාදීම රජය විසින් මෙවර අයවැය තුළින් ප්‍රතිපාදන සලසලා තිබෙනවා. 2025 අයවැය යෝජනාවලට අනුව
2025 ජුලි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතු සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරලා තියෙනවා. මෙම යෝජනා ක්‍රමය අනුව වයස අවුරුදු 60ට වැඩි සහ 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට අදාළ වෙනවා. බැංකු කිහිපයක මෙම තැන්පතු තිබුනත් එය නොසලකා හරිමින් තැන්පතුකරුවෙක් එක් තැන්පතුකරුවෙක් වෙනුවෙන් උපරිම තැන්පතු මුදල රුපියල් මිලියනය දක්වා මෙය වලංගු වෙනවා.
තැන්පතුකරුවන්ට ඔවුන්ගේ මුළු තැන්පතු මුදල රුපියල් මිලියනය නොඉක්මවන තාක් කල් බැංකු කිහිපයක වුණත් මේ ස්ථාවර තැන්පතු විවෘත කරන්නට පුළුවන්. මෙම යෝජනා ක්‍රමය යටතේ ඇති තැන්පතු සඳහා වසරක කාලයක් පවතින අතර පොලිය මාසිකව ආපසු ලබාගත යුතුයි."