අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල ජීවත් වන වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයින් සඳහා වන මාර්තු මාසයේ වැඩිහිටි දීමනාව, ඒ ඒ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කර තිබෙනවා.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසා ඇත්තේ, ප්‍රතිලාභ ලබන පවුල් 582,879කට මෙම මුදල හිමිවන බවයි.
ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට මෙම මුදල් අද (19) දින සිට ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් හරහා ලබා ගත හැකියි.