දැනගන්න කැමතියිද අද දවසේ ඩොලරයට හිමිවුණ වටිනාකම..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා..
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 291.8071ක් ලෙසයි සටහන්ව ඇත්තේ..
එමෙන්ම එහි විකුණුම් මිල රු. 300.3172ක් ලෙස වාර්තා වී තිබෙනවා..
කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 291.2556 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.299.7977 ලෙස සටහන්ව තිබුණා..