ඇය මෙරටට එන්න ඇත්තේ නිදහසේ කාලය ගතකරන්න වගේම තවත් ආසාවල් ගොන්නක් හිතේ තියාගෙන වෙන්න ඇති..
ඒත් අවසානයේ ඇයට අත්වෙන්නේ කිසිවෙකුත් නොසිතූ නොපැතූ ඉරණමක්..
දඹුල්ල පොලිස් වසමේ අඹේපුස්ස ත්‍රිකුණාමලය මාර්ගයේ පැල්වැහැර ප්‍රදේශයේ ඊයේ රාත්‍රී කාලයේ දී දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වූ කාර් රථයක් වෙළෙඳසැලක් ඉදිරිපිට නැවැත්වීම සඳහා මාර්ගයේ වම්පසට ගන්නා අවස්ථාවේදී එම කාර් රථයේ පිටුපසින් එම දෙසටම ධාවනය වූ ත්‍රීරෝද රථයක් කාර් රථයේ පිටුපස ගැටී තිබෙනවා..
එම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, එම දිසාවටම ගමන් ගත් තවත් ත්‍රීරෝද රථයක් එම වාහනවල ගැටීම වලක්වා ගැනීම සඳහා එක්වරම මාර්ගයේ දකුණු පසට හැරවීමේදී විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී තිබුණා...
එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ විදෙස් ජාතික පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් තිබෙනවා...
මරණකාරිය වයස අවුරුදු 54ක් වූ නෙදර්ලන්ත ජාතික කාන්තාවක්...
මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා...
අනතුරට සම්බන්ධ ලොරි රථයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා...