ඇයගේ මරණයට හේතුව මොකක් වුණත් ඔහු දැන් නීතිය ඉදිරියේ වැරදිකාරයෙක්.. මේ කියන්නේ තවත් එක් අනුවේදනීය ප්‍රේම කතාවක් අවසානය විසඳුණු හැටි ගැනයි...
මේ කතාව ඇසෙන්නේ වෙන්නප්පුවෙන්..
මාරවිල - වීරහේන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය තරුණිය හා ඔහු වසර 1 ½ ක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබුණා..
සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන විට අනාවරණ වී ඇත්තේ, පෙම්වතිය විසින් පෙම්වතාට සම්බන්ධතාවය නවත්වා දැමීමට සිදුකළ යෝජනාවකින් පසු මෙම සිද්ධිය සිදුවූ බවයි.. පෙම්වතියගේ නිවසේදී ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පිහි ඇණුම සිදුවී ඇති අතර, මිය ගිය තරුණිය විමල්කා තුෂාරි නම් වයස අවුරුදු 20ක තරුණියක්...
කෙසේ වෙතත් ඊයේ සවස 5.30 6.00 අතර මෙම ඝාතනය සිදුවී ඇති බවයි වාර්තා වී ඇත්තේ..