ඔවුන්ගේ බලාපොරොත්තුවලට නව පණක් ලැබේවිද..?
මේ කියන්න යන්නේ තවත් බලාපොරොත්තු දල්වාගත් පිරිසක හීන හැබෑවෙන කතාවක්..
රාජ්‍ය සේවයේ පත්කිරීම් යම් ක්‍රමවේදයක් යටතේ කටයුතුකරමින් සිටින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා...
අමත්‍යවරයා මේ පිළිබඳව දැනුම්දී සිටියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි..
මානව හිමිකම් කොමිෂම, පළාත් සභා ඇතුළු ආයතන 10ක පුරප්පාඩු 7456ක් ඇති අතර මේ වෙන විට එම බදවගැනිම් සිදුවන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ..
සමස්තයක් ලෙස 15921රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ..
පුරප්පාඩු විමසා බලා , භාණ්ඩාගාරයේ හැකියාව අනුව අත්‍යවශ්‍ය පුරප්පාඩු බදවා ගැනීම් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ..