ඔබට ඇස් වහා කට වහා තිබෙන බව දැනගතන්නේ කොහොමද? ඒක තමයි දැන් තියෙන ලොකුම ප්රශ්ණය.
ඔබත් ඇස් වහා කට වහා නිසා පීඩා විඳින අයෙක්නම් ඔබට නිතරව කම්මැලි කමක් දැනෙනවා.
ඔබට වැඩ කරගන්න ඕන උනත් වැඩ කල් දානවා. උදෙට නැගිටින්න කම්මැලි, වෙනදා තිබ්බ නව අදහස් එන්නෙ නෑ හිතට, තව ගොඩක් දේවල් තියෙනවා මන් කෙටියෙන් කිවහොත් නිතරම ලෙඩ වෙනවා, බෙහෙත් ගන්න ගියත් ලෙඩේ මොකක්ද කියල කියන්නවත් තේරුමක් නෑ. ටිකින් ටික ජිවිතේ ම කඩන් වැටෙනවා.
එහෙම වෙන්න ප්රධාන හේතුව ඇස් වහා කට වහා නිසා ඔබෙ ඕරාව දුර්වල වෙන නිසා ඔබෙ ඕරාව දුර්වල උනාම ඔබ තුලට ගලක් එන්නෙත් නරක කිරණ, නරක ශක්තිය, නරක සිතුවිලි එතකොට කොහොමද ඔබට හොද වෙන්නේ.
ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට සිකුරාදාට සවස 6 පස්සේ මෙය සිදු කරන්න.
වියලි මිරිස් කරල් 4ක්, ගම්මිරිස් ඇට 7ක් හො 21, අබ ඇට සුවල්ප ප්රමාණයක් ලුනු කැට අහුරක්. දෙහි කොල කිහිපයක් රැගෙන ( කිසිම විටක නියපොතු හෝ කෙස් මෙයට නොදමන්න)
බුද්දේසු ධම්මේසු සන්ගේසු රාජං
සංගේසු නාමේච රූපේච රූපං
වාතේච පිත්තේච කාපේති බෙසං
යක්කේච බුතෙච භයං විනාසං
මෙම බුද්ධ මන්ත්රණය 108ක් හො 21 සැරයක් මතුරා,හිල් පොල් කටුව 3ක් පුළුස්සා එයට දමා හිස වට තුන් වරක් කරනවා හිසෙ සිට දෙපතුල දක්වා රැගෙන එන්න. එය තූන්මන් හන්දිය කට දමා 3පාරක් කෙල ගසා එදෙස නොබලා පැමිනෙන්න.