කාලගුණය ආපහු නරක අතට හැරිලා ... මේ කියන්න හදන්නේ ඒ ගැනයි...
ඉතිං මේ පවතින අයහපත් කාලගුණය නිසා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන පණිවිඩයක් ගැනයි මේ කියන්න හදන්නේ...
ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට අදාළව ඉදිරි පැය කිහිපය දක්වා වලංගු වන පරිදියි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එහි සඳහන්.
එබැවින් මේ සම්බන්ධයෙන් සැලකිලිමත්වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
මේ අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.