මේ කියන්න හදන්නේ රට යන්න බලාගෙන ඉන්න, ඒ ගැන උනන්දු අයට සතුටු හිතෙන ආරංචියක්..
ඉදිරයේදී රජය විසින් දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායලය යන රටවල විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන ආකාරය පිළිබඳ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් පවසනවා.
ඊයේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු සදහන් කළේ ඉදිරියේදී දකුණු කොරියාවේ රැකියා අවස්ථා 7,600ක ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට අපේක්ෂා කරන බවයි.
මීට අමතරව ජපානයේ රැකියා අවස්ථා 9,300ක් පමණ ප්‍රමාණයක් සහ ඊශ්‍රායලයේ රැකියා අවස්ථා 15,900ක් පමණ ප්‍රමාණයක් ලබාදීමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා පවසනවා.
මෙම රැකියා ඉදිකිරීම්, ධීවර, කෘෂිකර්ම, සත්ත්ව අභිජනන සහ සේවා අංශ යන ක්ෂේත්‍රයේ සඳහා ලබාදෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.