හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ බටලන්ද කොමිසන් වාර්තාව සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.
ඔහු සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.
''එක්දාස් නමසිය අසූ හතේ වර්ෂයේදී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රටපුරා භීෂණයක් ඇති කිරීමට ක්‍රියා කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා විසින් කැබිනට් ඇමතිවරුන්ට පැවරුවා. බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව ඩීසල් විදුලි බලාගාරය මහවැලියේ සිට කොළඹට විදුලි බලය ලබාදෙන මධ්‍යස්ථානය, වෙළඳ කලාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කීපයක් තිබුණා. ඒ ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා හමුදා කැඳවනු ලැබුවා.
ආරක්ෂා අංශවලට රැඳී සිටීම සඳහා ලංකා පොහොර නිපදවීමේ සංස්ථාවට අයත් ඒ වන විට අතහැර දමා තිබුණු ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබා දීමට තීරණය කෙරුණේ. ඒ වන විටත් ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එහි නිවාස කිහිපයක පදිංචිව සිටියා. මේ භීෂණ කාලය තුළදී සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහර දී ස්ථානාධිපතිවරයා මරා දැමූ ලැබුවා. ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය ඇමැති රන්ජන් විජේරත්න මහතා මට කතා කර යුද්ධ හමුදා හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නිවාස සංකීර්ණයේ හිස්ව පැවති නිවාස ඔවුනට ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව එවකට ඈවරකරු මඟින් අදාළ නිවාස, කැළණි පොලිස් අධිකාරි නලීන් දෙල්ගොඩ මහතා වෙත පැවරීමට පියවර ගත්තා. පළාත් සභා මන්ත්ත්‍රීවරයෙකු සමුපකාර සමිති සභාපතිවරයෙකු, පොලිස් සාජන්වරයා ඇතුළු පුද්ගලයන් කීප දෙනෙක් ඝාතනය කිරීම මේ අතරවාරයේදී සිදුවුණා.
ඒ සමඟ තවත් පළාත් සභා මන්ත් රීවරයෙකුගේ නිවසට පහර දීමක් කෙරුණා. කඩා වැටුණු ජනජීවය, ආර්ථිකය ගොඩනගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා. එක්දාස් නමසිය අනූ හතරෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වධකාගාරයක් තිබුණේ දැයි සෙවීමට කොමිසමක් දැම්මා. ඊට නොයෙකුත් පුද්ගලයන් කැඳෙව්වා. මම ඒ කැඳෙව්වේ සාක්ෂිකරුවෙක් ලෙස පමණයි. ඒ වන විට මා රටේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කරා.
බටලන්ද කොමිසම් පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් අරමුණු කරගෙනයි. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ වාර්තාවේ තීරණවල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරිවරයා මගින් පොලිස් නිලධාරීන්ට නිවාස දීම නිවැරදි නොවන බවයි.
එහි නියම ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස භාර දී ඒ හරහා අදාළ නිලධාරීන්ට පැවරීමයි. මේ ක්‍රියාකාරිකම නිසා මමත් නලීන් දෙල්ගොඩ මහතාත් වක්‍රාකාරයෙන් වගකිව යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා.
කොමිෂන් භාවේ වාර්තාවේ සඳහන් වෙනත් කිසිදු කරුණක් මට අදාළ වන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ එක්දාස් නමසිය අසූ අටේ, අනුව කාලයේ කළ ත්‍රස්තවාදීන් ක්‍රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ, සමාපත්ති, නිරීක්ෂණවලට දැක්වෙනවා. එහි පසුබිමත් කියවෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්‍රස්ත ක්‍රියා ගැන කොමිෂන් වාර්තාවේ තුන්වෙනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වෙනවා. මුළු ඉතිහාසයම ඒ ඇතුළත් කර තිබෙනවා. ඉහත කරුණු ඇරෙන්න අනෙක් කිසිම චෝදනාවක් මට අදාළ වන්නේ නෑ. ඒ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
බටලන්ද කොමිෂන් වාර්තාව හංගාගෙන සිටියා කියා කිසිවෙකුටවත් චෝදනා කළ නොහැකියි. වර්ෂ දෙදාහේදී පාර්ලිමේන්තු සැසිවාර වාර්තාවක් හැටියට එය තිබුණා. නමුත් කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට ඉල්ලීමක් කරේ නෑ. අඩු තරමින් ජනතා විමුක්ති පෙරමුණ වත් එවැනි ඉල්ලීමක් කළේ නැහැ. බොහෝ දෙනෙක් වාර්තාව පිළිගත්තේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපට විශ්වාස කළ හැකියි. මෙතෙක් බලයට පත් වූ කිසිඳු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බව ද කිව යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාවක් අවුරුදු විසි පහකින් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ අකිසිම සම්ප්‍රධායක් මේ රටේ වත්, අනිත් පාර්ලිමේන්තුවලවත් නැහැ.''