සංචාරක ක්ෂේත්‍රයේ සහ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විටත් අදාළ පිරිස් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ආරම්භ වී ඇති බවත් ඉදිරියේදී මෙය ශක්තිමත්ව මෙම ක්ෂේත්‍ර දෙකේම පිරිස් වෙත හඳුන්වාදීමට පියවර ගන්නා බවයි.