සමහර වෙලාවට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්නවත් බැරි සිදුවීම්වලට... මේ කියන්න හදන්නෙත් අන්න ඒ වගේ කතාවක්...
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ප්‍රපාතයකයට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේ දී අද (15) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මහනුවර සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මෙසේ පෙරළී ඇති බවයි පැවසෙන්නේ.
අනතුර සිදුවන් අවස්ථාවේ දී මෝටර් රථයේ රියදුරු පමණක් ගමන්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබෙන අතර රියදුරාට කිසිදු හානියක් නොමැති බවයි පොලිසිය කියා සිටියේ.
මේ අතර මෝටර් රථයේ වූ හදිසි කාර්මික දෝෂයක් අනතුරට හේතුව බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.