මේ කියන්න යන්නේ ඔබ වඩා දැනුවත්විය යුතු තවත් එක් කාරණයක් ගැන ඇසෙන කතාවක්..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා..
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා...