ලොවටම අමුතු විපත් සිදුවීමට නියමිත බව ජෝතිෂය හෙළිකරනවා... මේ කියන්න හදන්නේ ඒ ගැනයි...
මාර්තු 15 දා සිට අප්‍රේල් 15 දක්වා කාලසීමාව තුළදී මිනිසාගේ පමණක් නොව තිරිසන් සතුන්ගේද බුද්ධිය මෙන්ම සත්ව ඉව වල්මත් වී යෑමක් පෙන්නමු කරයි. මෙම කාල සීමාව තුළදී ග්‍රහ ලෝකයේ වක්‍ර සිකුරුට බුධද වක්‍රවී එකතු වේ. එසේම රවිගේ සම්ප්රප්තියද මාර්තු 15 වැනිදා මෙම මීනයටම පැමිණිමෙන් සිදුවන ත්රිශුහ යෝගයට රාහුගේ සංස්කරණය ක්‍රියාත්මක වීම නිසා චන්ඩාල යෝගයක් උද්ගත වෙයි. මෙම නිසා මෙරට ජාතික බුද්ධි සේවා බළඇණි අවදියෙන් සිටිය යුතු කාලපරිච්ඡේදයක් බව අදාළ ක්ෂේත්රවල නායකකාරකාදීන් අවබෝධකරගත යුතුව ඇත. නොසිතු නොපැතු අයුරින් මුහුදේ මෙන්ම රට අභ්‍යන්තරයේ ජලාශවලද ඉතිහාසගතවන අමුතුම ආකාරයේ යාත්‍රා විපතකින් මනුෂ්‍ය ජීවිත වලට තර්ජන එල්ලවිය හැක.
ලංකාවේ මුහුදු තීරයටද මුල්ලක් එල්ල වී පවතින බර්මියුඩා ත්‍රිකෝණයද සක්‍රීය වී ඇත.
එමගින් ප්‍රදේශයක් පුරා ඇඳගැනීමේ කාන්දම් බලයක් ව්‍යප්ත වේ. මේ නිසා විශාල ගුවන්යානා මෙන්ම නාවික යාත්‍රා පදවන නියමුවන්ද බොහෝ කල්පනාකාරී විය යුතුය. ඒ මන්ද තමාද නොදැනුවත්වම යානාව හෝ යාත්‍රාව තමන්ගේ ගමන් පථයෙන් ඩැහැගෙන බර්මියුඩා ත්‍රිකෝණය තුළට ඇදගැනීමේ බලයද වර්ධනය වන බැවිනි.
පාතාල ක්‍රියාකාරකම්ද උග්‍රවී යනු ඇත. ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද හමුදාවන්ට කැළැල් ගෙන එමින් සාමාන්‍ය ජනතාවට මරණීය තර්ජන එල්ල කරනවා පමණත් නොව විවිධ විනාශකාරි හිතුවක්කාරි කටයුතුවල නිරත වීමේ බිහිසුණු මානසිකත්වයකින් ක්‍රියාකළ හැකි නිසා අණදෙන නිලධාරීන් මෙන්ම සමාන නිලධාරීන් විසින් අනිකුත් ත්‍රිවිධහමුදා සහ පොලිස් සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යනය කරමින් කටයුතු කර විපත්ති අවම කර ගත යුතුව ඇත.
එසේම ත්‍රිවිධ හමුදා පොලිස් මෙන්ම බන්ධනාගාර භාරව ක්‍රියාත්මක වන විෂ්ණු කතරගම දෙවිවරුන්ටද බාරහාර වීම තුළින් පොලිස් හා ත්‍රිවිධ හමුදා පවුල්වල අයට රැකවරණය පැතිය යුතුය.
රවි මාරු තත්කාල ලග්න කුණ්ඩලියෙහි පොලිස් හා ත්‍රිවිධ හමුදා නිවේදන කුජ ග්‍රහයා හත්වැන්නේ සිටින නිසා විශේෂයෙන්ම කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ජනතාව කටයුතු කිරීම මැනවි.
ගුරු ග්‍රහයාගේ ප්‍රබල පාපකාරීත්වය නිසා විවිධ අංශවල ප්‍රවෘජ්‍යා උතුමන්ට විවිධ හිංසන සිදුකිරීමට කටයුතු කළ හැකි නිසා දායකකාරකාදීන් විසින් වැටකෙයියා මල් පුද පූජාවන් පවත්වා ආගමික ස්ථානයේ පූජ්‍ය පක්ෂයත් රැකගැනීමට කටයුතු කළ යුතුය.
මීතෙන් වායුවේ කුජීතවීමක් නිසා හඳුනාගැනීමට අපහසු වෛරසයක් සංසරණය වීමේ අවධානමක් පවතින බැවින් සියලු වෛද්‍ය අංශ ඒ පිළිබඳව දැන් හඳුනාගැනීමට කටයුතු කළ යුතුව ඇත.
විස ග්‍රහ තීරණ තර්ජන වලින් පොදු මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා දිවයින පුරා සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන දිනපතා උදේ සවස රතනසූත්‍රය, අන්තරාය නිවරණ පිරිත, මෝර පිරිත යනාදී පිරිත් දේශනාවන් විසුරුවා හැරීමට කටයුතු කිරීම ඉතාමත් සුදුසුය.
පූජ්‍ය තලගහ සද්ධානන්ද හිමි
( තරුපති )