මේ ජීවිතේ එක් තවත් වැදගත් කඩයිමක්..
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න දුවාදරුවන් බොහෝ දෙනෙක් එළඹෙන සඳුදා දවස ගොඩක් විශේෂයි..
මේ කියන්නේ අන්න ඒ දවස සුබ දවසක් කරගන්න තවත් ක්‍රම කිහිපයක්..
සාමාන්‍ය පෙළ විභාගය ඉතා උසස් අන්දමින් සමත් වීමෙන් දෙමව්පියන් බලාපොරොත්තු වන්නේ තම දරුවා ඉන්පසුව උසස් පෙළ විෂය ධාරාව සඳහා උසස් පාසලකට ඇතුළත් කිරීමටත් ඒ තුළින් තම දරුවාගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කිරීමත්ය...
සාමාන්‍ය පවුලක දරුවකුට උසස් පාසලකට ඇතුළු වියහැකි මාර්ග තිබෙන්නේ දෙකකි. ඉන් එකක් නම් ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත් වී හය වසරට ඇතුළත් වීමෙන් හෝ අ.පො.ස සාමාන්‍ය පෙළට ඒ 9ක ප්‍රතිඵලයක් ගෙන සමත් වීමෙන් වීමෙන්..
එහෙම නම් අපි බලමු අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණ බලාපොරොත්තු වන දුවා දරුවන්ට ඔවුන්ගේ සිත් පහන් වී විභාගයට මුහුණ දීමට ශක්තිය, ධෛර්යය ලබාගන්නේ කොහොමද කියලා..
ජ්‍යොතිෂයට අනුව දැනුමට හා ඥානයට කාරක වන බුධ ග්‍රහයා සහ ප්‍රඥාව හා උසස් දැනුම් සම්භාරයකට කාරක වන ගුරු ග්‍රහයාත් අධ්‍යාපනයට මූලික තැනක් ගන්නවා.. මේ නිසාම බදාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදිනම ඉතා වැදගත් දින 2ක් ලෙස සලකනු ලබනවා..
බෞද්ධයන් වන අපට මහත් ආනිශංස ගෙන දෙන පූජාවක් ලෙස තමයි ‘බෝධි පූජාව’ හඳුන්වනු ලබන්නේ..
ඒ වගේම බ්‍රහස්පතිගේ වෘක්ෂය ලෙස බෝ ශාකය සලකන නිසා බෝ ශාකයට පූජා කිරීම හෙවත් ‘බෝධි පූජාව’ කිරීම තුළින් විභාගයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා..
මෙම ‘බෝධි පූජා ’පැවැත්වීම බ්‍රහස්පතින්දා දිනයක, බ්‍රහස්පති හෝරාවෙන්ම පැවැත් වීමට හැකි නම් වඩාත් ශුභ ඵලදායක වෙනවා.. ඒ වගේම බ්‍රහස්පතිගේ වර්ණය වන කහ පැහැය සහිත මල් හෝ මල් මාලා පූජා කිරීම ද, පහන් පත්තු කිරීම ද සිදුකළ යුතුයි..
බ්‍රහස්පතිට අයත් අංකය වන්නේ අංක 21ය. එම නිසා හැකි නම් කහපාට මල් 21ක් සහ පහන් 21ක් දැල්වීම යහපත් වෙනවා..
වතුර පැන් කළ ගෙන බෝධිය වටා දක්ෂිණා වෘත්තව 03න් වතාවක් ගමන්කොට පැන් වත්කිරීම යහපත් වෙනවා..
මෙසේ කිරීමේදී දුටුගැමුණු රජතුමා යුද්ධයට යනකොට පවා භාවිත කරන ලද
“ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරා ජයෝහි
උග්ගෝස යුංදේව ගනා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මයිහං”
යන ජය පතන මෙම ගාථාව හැකිතාක් භාවිත කිරීම වැදගත් වේ. විභාගයට යන සෑම දිනකමත් මෙම ගාථාව භාවිත කරන්න.. ශුභ දිශාවක් බලා, ශුභ වේලාවකින් පිටත් වෙන්න..
ඒ වගේම තම සිතේ තිබෙන විභාග බිය දුරුවී සියලු පාඩම් ආවර්ජනය වී විභාගය උසස් ආකාරයට ලිවීමට හැකිවේවායි‘ ප්‍රාර්ථනා කරන්න..
තවද මහත් බලසම්පන්න ගම්භාර සූනියන් දේවතාවුන් වහන්සේගෙන් ද තම ශක්තිය, ධෛර්යය, මතකාවර්ජන ලැබේවා..! යනුවෙන් සිතා අධිෂ්ඨාන කර පහත සඳහන් ගාථාව 07වරක් කියා බෝධියට අධිපති දෙවියන්ට සහ සියලුම දෙවිවරුන්ට පිං අනුමෝදන් කර විභාග සාමාර්ථය උසස් ලෙස සමත්වීමට හැකිවේවායි’ ප්‍රාර්ථනා කරන්න..
ගම්භාර දෙවියන්ට වඳින ගාථාව
“නා නා වණ්ණ මහා තේජෝ
ඕධාත බය වාහනෝ
ග්‍රාම සංචාරකෝ දේවෝ
ඉදං පුඤ්ඤාණු මෝදතු”
මේ ආකාරයට ඉහත වත් පිළිවෙත් සිදු කරන්න.. තවද විභාග ජය උදෙසා ම ජීවම් කරන ලද තෙල් සුර පැලඳීම ද යන්ත්‍ර පැලඳීම ද සිදුකළ හැකියි.. ජීවම් කරන ලද තෙල් බිඳුවක් දරුවා විභාගයට යන දිනවලට නලලේ ආලේප කර දරුවාට ආශිර්වාද පතන්න..
මේ ආකාරයට වත් පිළිවෙත් සහ බෝධි පූජා පැවැත්වීම තුළින් දරුවා අපේක්ෂා කළ අරමුණු, ඉලක්ක සියල්ල ඉතා උසස් අන්දමින් ඉටුවනු නිසැකයි...
2025 මාර්තු 17 දින අ.පො.ස ( සා /පෙළ) ලියන දුවා දරුවන්ට ලිවීමට අවශ්‍යය ශක්තිය,ධෛර්යය ලැබේවා..!
දිවයින පුවත්පත ඇසුරෙන්..