ඔබ නොදැනුවත්වම අමු බිත්තර ආහාරයට ගන්නා බව මම කීවොත් ඔබ විස්මයට පත්වනවා නිසැකයි.
චොක්ලට මුස්, එග්ග්ලොග් හා අයිස්ක්‍රීම් වැනි බොහෝ ආහාර වල අමු හෝ යාන්තමට පිසින ලද බිත්තර අඩංගුයි.
කෙසේ වෙතත් අමු බිත්තර අනුභවය බොහෝ දෙනෙකුට පිළිකුල් සහගත අදහසක්. අමු බිත්තර ආහාරයට ගැනීමට බොහෝ දෙනා බිය වන්නේ සැල්මොනෙල්ලා ආසාදනට ලක් වෙතැයි ඇති බිය නිසාමයි.
නමුත් ඔබ විශ්වාස වන්ත වෙළඳපොළකින් බිත්තර මිළදී ගන්නේ නම් ඒ පිළිබඳ බිය වීම අනවශ්‍යයි.
අපි බලමු අමු බිත්තරවල පෝෂණිය අගය කොහොමද කියලා.
1. ඉහළ ප්‍රෝටීන් අගයකින් යුක්ත වීම.
බිත්තර කහමදයේ ආසන්න වශයෙන් ග්‍රෑම් 6ක ප්‍රෝටීන ප්‍රමාණයක් තිබෙනවා. ඔබ දන්නා පරිදි ප්‍රෝටීන යනු අපගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සංඝටකයක්. අපේ සිරුරේ සෑම ඉන්ද්‍රියක්ම පාහේ සකස් වී තිබෙන්නේ ප්‍රෝටීන වලින්, ශාරීරික ව්‍යුහය පවත්වා ගෙන යාමට පමණක් නොවෙයි සිරුරේ රසායනික ක්‍රියාවලින් නියාමනයටත් ප්‍රෝටීන අත්‍යවශ්‍යයි. නව සෛල නිෂ්පාදනයට හා පිළිසකර කරන්නට ප්‍රෝටීන ඉවහල් වෙනවා.
2. කැරටි නොයිඩ ප්‍රතිඔක්සිකාරක බහුලයි.
බිත්තර පිසීමේදී එහි අඩංගු ඇතැම් පෝෂක කොටස් විනාශ වෙනවා. එම නිසා අමු බිත්තරවල පිසින ලද ඒවාට වඩා පෝෂණය ඉහළයි. එසේ දක්නට ලැබෙන එක් පෝෂක කාණ්ඩයක් වන්නේ කැරවී නොයිඩ ප්‍රතිඔක්සිකාරකයි. ලියුටින් හා සිය සැන්තීන් වෙනත් ආහාර වලට වඩා සියයට තිහක් අමු බිත්තරවල අඩංගුයි. ශරීරයේ ඇති වන ප්‍රදාහයන් වළක්වා ලන්නට එම පෝෂක කොටස් අත්‍යවශ්‍ය වෙනවා.
3. ඉහළ කෝලීන් අගයකින් යුක්තයි.
පිසින ලද බිත්තර වලට වඩා සියයට 23 ක් කෝලීන් අමු බිත්තර වල අඩංගුයි. ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයටත්, සෛල බිත්ති සැකැස්මටත් කෝලීන් අත්‍යවශ්‍ය සංඝටකයක්.
4. සින්ක් ප්‍රතිශතයෙන් ඉහළයි.
වෙනත් පිසින ලද ආහාර වලට වඩා සියයට 19ක සින්ක් ප්‍රතිශතයක් අමු බිත්තර වල තිබෙනවා. ප්‍රතිශක්ති කරණ පද්ධතිය ශක්තිමත් කර රෝග වැළැක්වීමට එමගින් මනා පිටුවහලක් ලැබෙනවා.
5. විටමින් ඩී ලැබෙන හොඳම ප්‍රභවයක්.
අමු බිත්තර විටමින් ඩි ලබා ගැනීම සඳහා හොඳම ප්‍රභවයක් ලෙස සැලකෙනවා. හිරු එළිය මගින් ලැබෙනවාට අමකරව අමු බිත්තර මගින් විටමින් ඩී ලබා ගන්නට පුළුවනි. එය සිරුරේ අස්ථි පද්ධතිය හා ප්‍රතිශක්ති කරණ පද්ධතිය ශක්තිමත් කරනවා.
6. ඔමේගා 3 මේද අම්ල ලබා දීම.
හෘදයේ හා මොළයේ සෞඛ්‍ය ඉහළ නංවන ඔමේගා 3 මේද අම්ල සියයට 33 ක ඉහළ ප්‍රතිශතයකින් අමු බිත්තර වල දක්නට ලැබෙනවා.
7. ජීර්ණය පහසුයි.
අමු බිත්තර ජිර්ණය කර ගැනීම අපගේ ආහාර ජිර්ණර් පද්ධතියට ඉතා පහසුයි. එමගින් ශරීරයට උරා ගන්නා පෝෂක කොටස් ප්‍රමාණයද ඉහළ අගයක් ගන්නවා.
අමු බිත්තර පරිභෝජනයේ ඇති අවදානම.
ඉහතින් කී පරිදි බොහෝ දෙනෙක් අමු බිත්තර පරිභෝජනයට මැළි වන්නේ සැල්මොනෙල්ලා බැක්ටීරියා ආසාදනය නිසයි.
නමුත් ඇත්ත වශයෙන්ම බිත්තර තිස් දහසකින් පමණ එකක් තමයි බැක්ටීරියා ආසාදනයට ලක් වන්නේ. ඉතින් වඩාත් සෞඛ්‍යාරක්ෂිත හා විශ්වාසවන්ත තැනකින් බිත්තර මිලදී ගැනීමෙන් හා භාවිතයට පෙර සබන් මිශ්‍ර උණුසුම් ජලයෙන් හොඳින් සෝදා ගැනීමෙන් මේ අවදානමෙන් මිදී ඉහත කී සෞඛ්‍ය ප්‍රතිලාභ අත් දකින්නට පුළුවනි.
උපුටා ගැනීමකි