Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
14
"අදටත් මම ප්‍රේම කරනවා... මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙනියන කෙනෙක් නෙමෙයි..." මෙරට සුවහසක් රසිකයින්ගේ මනදොල සුවපත් කළ ඔහු කියන කතාව..

- "අදටත් මම ප්‍රේම කරනවා... මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙනියන කෙනෙක් නෙමෙයි..." මෙරට සුවහසක් රසිකයින්ගේ මනදොල සුවපත් කළ ඔහු කියන කතාව..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views
පියවී ඇසින් ඔබ දකින සුන්දරත්වය තෙවැනි ඇසින් ඔහු දුටුවේ කිසිවකුත් නොදකින අපුර්වතම දෘෂ්ටි කෝණයකිනි.

ඒ නිසාම ඔහු මෙරට ඡායාරූප කලාවේ එක් සලකුණක් විය.
අසූව දශකයෙන් පසු හෙළ සිනමාවේ බිහි වූ බොහෝ කලාකරුවන්ගේ කලාකාරිණියන්ගේ ආදරණීය ඡායාරූප ශිල්පියා වුයේ ඔහුය.

කලා ලෝකයේ බොහෝ අයගේ රුව තෙවැනි ඇසින් ජීවමාන කළ මෙම පුද්ගලයා අනූව දශකයේ අගභාගයේ මෙරට සංගීත ලෝලීන් අතරට එක් වූයේ වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ.... මැයෙන් ගී පද වැලක් මුමුනමිනි.

එතැන් පටන් ඔහුගේ ඡායාරූප කලාවට නොදැවෙනි ගීත ගායනය මෙරට සුභාවිත ගීත රසය ප්‍රිය කරන සුවහසක් රසික දෙසවන් අතරට එක් වුයේ වැඩි කලක් යන්නට මත්තෙන්.

ඔහුටම අනන්‍ය වූ ගී හඬකින් මෙරට ජනප්‍රිය ගායක ගොන්නට එක් වූ ඔහු නමින් දයාන් විතාරණයි.

ඡායාරූප කලාවේ නම් දැරූවකු සේම ගායනයෙන් මෙරට සුවහසක් රසිකයන්ගේ ගී මනදොළ සුවපත් කළ දයාන් විතාරණ සමඟ මේ හිරු ගොසිප් අපි කළ සම්මුඛ සාකච්ඡාවයි.....

දයාන් මේ වනවිට ඔබ ගීත ගායනයෙන් සුවිශේෂී කඩඉමක් පසුකර අවසානයි?

මම මේ වෙනකොට ගීත 549 ගායනා කරල ඉවරයි. මගේ ගායන හැකියාව මෙරට රසිකයන්ට මුලින්ම අත්විඳින්න හම්බ වෙන්නේ අනුව දශකයේ අග භාගයේ 2000 වසරේ ආරම්භයත් සමඟ. දැන් මගේ ගායන දිවියට අවුරුදු විසිතුනක් ඉක්ම යමින් අවුරුදු විසිහතරට පා තබමින් ඉන්නේ.

ඔබ මුලින්ම වුණේ ඡායාරූප ශිල්පියෙක් නේද?

ඇත්තටම කිවුවොත් මට මුලින්ම ඕන වුණේ ගායකයෙක් වෙන්න. 1982 දී මම නන්දා මාලිනී මහත්මියගේ සංගිත පන්තියට එන්නේ ඒ බලාපොරොත්තුවෙන්. ගායකයෙක් වෙන්න ආසාව තියෙන නිසා ගායනය පුරුදු වෙන්න තමයි එතැනට එන්නේ. අපි අවුරුද්දක් විතර යනකොට කල එළිදැක්මකුත් පැවැත්වූවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ප්‍රමුඛ සම්භාවනීය පිරිසක් ඉදිරියේ. දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, වසන්තා තිලකාංගනී, ඉන්දිරා කාරියවසම්, අනූෂා මාදොළ, දමයන්ති ඒකනායක, ප්‍රබෝධා යහම්පත්, නලින් ජිනේන්ද්‍ර අල්විස් අපි ඔක්කොම එකම දිනයේ ඒ පන්තියට ඇතුළත් වුණු අය. අපි කරපු කළඑළි දැක්මෙදි මම මනමේ කුමාරයා හැටියට රඟපෑවා. මනමේ කුමරිය වුණේ අනූෂා මාදොළ. එදා අපේ පංතියේ හිටපු බහුතරයක් දෙනෙක් අද ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්න අය. නන්දා මිස් ගේ පංතියේ ඉන්න කාලෙදිම ඇය අපිව ඇගේ ‘සත්‍යයේ ගීතය‘ ප්‍රසංගයේ අත්වැල් ගායනයට සම්බන්ධ කර ගත්තා. නලිනුයි මමයි කීර්ති අයියායි, ගාමිණී පෙරේරායි තමයි අත්වැල් ගායන කණ්ඩායම වුණේ. අපි සම්බන්ධ වෙන්නේ මැද හරියෙදියි. කොහොම වුණත් අවුරුදු එක හමාරක් විතර අපි සත්‍යයේ ගිතයත් එක්ක රට වටේ ගියා. ඇත්තටම කිවුවොත් මම මුලින්ම මුදලක් හම්බ කළා නම් කළේ ගායනයෙන්. මට මතකයි සත්‍යයේ ගීතය අත්වැල් ගායනය වෙනුවෙන් මට රුපියල් එකසිය විසිපහක් වැනි මුදලක් ලැබුණා.

ඔබ කොළඹ එන්න කලින් මොනවද කළේ?

අපේ ගම මාතර දෙනිපිටියේ. නමුත් අපි ඒ කාලේ පදිංචි වෙලා හිටියේ මාතලේ. මාතලේදි මම කළෙත් සින්දු කියපු එකයි චිත්‍ර ඇඳපු එකයි තමයි. ඉස්කොලෙදිත් මම වැඩිපුර නැඹුරු වෙලා හිටියේ මේ දෙකට. මම මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ඊට පස්සේ තමයි මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වුණේ. අපේ තාත්තා රජයේ නිලධාරියෙක්. තාත්තා තැනින් තැනට මාරු වෙලා යනකොට අපිටත් ඔහුත් එක්ක යන්න වුණා. මම මූලික අධ්‍යාපනය ලබන කාලේ තාත්තා හිටියේ මහනුවර ඒ නිසා මම ධර්මරාජයට ගියා. ඊට පස්සේ තාත්තා මාතලේට මාරු කළා. ඒ නිසා මම මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කළා.කොහොම හරි අවුරුදු පහෙන් පහට තාත්තා මාරු වෙන කොට අපිටත් එයා එක්ක යන්න සිද්ධ වුණා. මුල්ම කාලේ තාත්තා බදුල්ලෙත් වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ නුවරඑළියට මාරු කරලා තියෙනවා. මාව හම්බවෙලා තියෙන්නේ තාත්තා නුවරඑළියේ ඉන්න කොට. 1968 මම ඉස්කෝලෙ යන වයසට එනකොට අපි ඉඳලා තියෙන්නේ මහනුවර. 1973 තමයි තාත්තා ආයෙත් මාතලේට මාරු වෙන්නේ.


අම්මගෙන් තාත්තගෙන් බලපැමක් තිබුණද මේ ක්ෂේත්‍ර දෙකට යොමු වෙන්න.

මම පොඩිකාලේ ඉඳලා සින්දු කියන්න ආසයි. ඒක කාටවත් නවත්වන්න බෑ. අපේ ගෙදරට කවුරු ආවත් මම ආසයි එයා ඉස්සරහට ගිහින් සින්දු කියන්න. මට මතකයි අපේ තාත්තා හම්බවෙන්න කවුරුහරි ආවොත් මම දොර රෙද්ද අස්සෙන් ගිහින් එබිකම් කරලා බලා ඉන්නවා. එතකොට තාත්තා දන්නවා මට සින්දුවක් තියන්න ඕන වෙලා තමයි මේ බලා ඉන්නේ කියලා. ඉතින් තාත්තා අඬගහනවා එන්න පුතා කියලා . මම ඉතින් ඇවිත් ආචාර කරලා සින්දුවක් කියලා යනවා. තාත්තා ඒ අවස්ථාව මට එදා ලබා දුන්න හින්ද තමයි මගේ සබකෝලය නැති වුණේ. අදටත් ඕන පිරිසක් ඉස්සරහ මට බය නැතිව සින්දු කියන්න පුළුවන් වුණේ. ඒ කාලේ මට අවුරුදු 5ක් විතර ඇති.

අපේ තාත්තටයි අම්මටයි හොඳ රසවින්දනයක් තිබුණා. අම්මා ගොඩාක් රුක්මණි දේවියට කැමැතියි. තාත්තා ජෝතිපාලයන්ගේ අඬන්නේ ඇයි සුදු මැණිකේ‘ ගීතයට හරි කැමැතියි. අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් ඉංග්‍රිසි සින්දුවලට තමයි කැමැති වෙලා හිටියේ . ඒකට හේතුව වෙන්න ඇත්තේ ඒගොල්ල ඉංගී‍්‍රිසියෙන් ඉගෙන ගත්තු අය නිසා වෙන්න ඇති. චිත්‍රපටවලට වුණත් වැඩිපුර කැමැති වුණේ ඉංග්‍රිසි චිත්‍රපටවලට. නමුත් මට හොඳටම මතකයි තාත්තා නිධානය චිත්‍රපටය බලන්න ගිහින් ඒක අගය කළා. අම්මයි තාත්තයි දෙන්නම කලාවට ළැදියි. ඒක මටත් බලපාන්න ඇති .

පාසල් අධ්‍යාපනය ඉවර වුණු ගමන්මද කොළඹ ආවේ?

ඔව්.. උසස් පෙළ කරලා ඉවරවුණු ගමන්ම මම කොළඹ ආවා. මම ගෙදර ඉන්න කාලේ සිංදු අහනවා , චිත්‍ර අඳීනව, චිත්‍රපට බලනවා. හැබැයි මේ කිසි කෙනක් මම හැබැහින් දැකලා නෑ. මට ලොකු ආසාවක් තිබුණා මේ අය හැබැහින් දැක ගන්න. බණඩාර අතාවුද හා සුජාතා පරමානාදන් මම දැකලා තිබුණා. ඔවුන් දෙන්නා මාතලේ හිටපු නිසා. මම හිතුවා කොළඹට ආවොත් මට මේ හැම කෙනෙක්ම දැක ගන්න පුළුවන් වෙයි කියලා. 82 මම කොළඹට ආවට පස්සේ නන්දා මිස්ගේ පන්ති එන්න පටන් ගත්තම විවිධ අවස්ථාවල මේ අය මට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ කාලේ මම ඒ අයගෙන් සමරු සටහන් පවා ලබා ගන්නවා. තාමත් මගේ ළඟ ඒ සමරු සටහන් පොත තිබෙනවා. හැබැයි 1983න් පස්සේ මම ඒ සමරු සටහන් ලබා ගෙන නැහැ. මොකද ඒ වෙනකොට මම ටිකෙන් ටික මේ අයව හඳුනා ගන්න පටන් ගත්තා. ඊට පස්සේ මම සමරු සටහන් ගැනීම නැවැත්තුවා. මොකද අර මුලින් ලබා ගත්ත සමරු සටහන් දයාන් විතාරණ කියන රසිකයා ලබා ගත් පිරිසුදු සමරු සටහන් නිසා.

වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වුණාට පස්සේ නේද ඔබ වෘත්තීය ගායකයෙක් වෙන්නේ?

ඡායාරූප ශිල්පියෙක් වුණාට පස්සේ මට තිබුණු කාර්ය බහුලත්වය නිසා මට ගායකයෙක් වෙන්න තිබුණු කාලය ඇහිරිලා ගියා. සින්දුවක් ඉන්න ගමන් මිමිණුව මිසක් සින්දුවක් රෙකෝඩ් කරන්න ඕන කියන හැඟීම මට ඇති වුණේ නෑ. මම දන්න විදියට මට ලොකුම ඉල්ලුම තිබුණේ ඡායාරූප ගන්න. ගීත ගයන්න අවස්ථාවක් ඇවිල්ලා තිබුණේ නැති නිසා මම ඒ ගැන දැනගෙන හිටියෙත් නෑ. නන්දා මිස් පින්තූර ගන්න ඇවිත් කරපු යෝජනාවක් නිසා තමයි මම ඇත්තටම ගායකයෙක් වුණේ. මට හැඟීමක් ආවෙත් එතකොට තමයි. කොහොම හරි නන්දා මිස් ගේ ආරාධනයෙන් රෝහණ වීරසිංහයන් ගේ සංගීතයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ ගීපද රචනයෙන් ‘ වැටෙන් එහා මල් පඳුරේ ‘ ගීතය ගයමින් තමයි මම මුලින්ම ගායකයෙක් වුණේ. දැන් ඒ ගැන මට හිතද්දි හරියට හීනයක් වගේ.

එහෙම ගායකයෙක් වෙලා දැන් කොච්චර කල්ද?

ඒක වුණේ 1999 දී. දැන් හරියට අවුරුදු 26ක්.

ඡායාරුපකරණයට වගේම ගායනයටත් ඔබට පූර්වාදර්ශ තිබුණද?

පොඩිකාලේ ඉඳලම මම පින්තූර බලන්න ආසයි. පත්තරේ අන්තිම පිටේ යන නළු නිළි ඡායාරූප මම හැමදාම බලනවා. ඊට පස්සේ ෆිල්ම් ෆෙයාර් සඟරාව බලන්න පටන් ගත්තා. බැක් ලයිට් පිළිබඳ මුලින්ම මගේ ඔලුවට ආවේ ෆිල්ම් ෆෙයාර් බලල තමයි. මට ගුරුවරු හිටියේ නෑ. සින්දු කියන්න ආවෙත් එහෙම තමයි. නමුත් මම හොඳ සින්දු අහන්න ගත්තා. අමරදේව සර්, නන්දා මිස්, ටී. එම් ජයරත්න, , සුනිල් එදිරිසිංහ , එඩ්වඩ් ජයකොඩි , සනත් නන්දසිරි, දයාරත්න රණතුංග, සෝමතිලක ජයමහ වැන්නන්ගේ ගීත නිතර ශ්‍රවණය කරන්න ගත්තා. නිතර ගායනා කරන්න ගත්තා . එතකොට මගේ හඬත් මැදිලා ආවා. නන්දා මිස්ගේ පන්තියෙන් ඒක තවත් ඔපවත් වුණා.

කැමරා කාචය තුළින් ඔබ ඕනෑතරම් කාන්තා සුන්දරත්වය විඳ තිබෙනවා. මේ කාන්තා චරිත හා ප්‍රේමය , ආදරය වැනි කාරණා පිළිබඳ ඔබේ ජීවිතයේ කොයි වගේ තැනක්ද තිබුණේ?

කාන්තා චරිත කිව්වම මුලින්ම ඔලුවට එන්නේ අම්මනේ . අම්මගේ ආදරේ කියන එක අදටත් වෙන කොහෙන්වත් හොයා ගන්න බැරි දෙයක්. අම්මගේ තිබුණ ඒ ආදරය හරි ප්‍රබලයි. මට තිබුණු ලොකුම ප්‍රශ්නෙ තමයි අපේ අම්මා තාත්තාත් නැතිව මාව හදලා , අම්මත් මේ ගෙදර රැජණක් වගේ ඉඳලා තවත් කාන්තා චරිතයක් මේ ගෙදරට ආවම අම්මට තියෙන තැන කොතැනද කියන එකයි. බිරිඳක් ආවම අම්ම මා වෙනුවෙන් කරන වැඩ ටික ඇයට පවරන්න වෙනවා. ඇත්තටම කිවුවොත් මට සිනමා ක්ෂේත්‍රයෙන් පවා විවාහ යෝජනා ආවා. ජනප්‍රිය කෙනෙක් මගේ බිරිඳ කර ගන්න පවා අවස්ථා මට තිබුණා. හැබැයි ඒ එක්කම අම්මට වෙනස්කමක් වෙලා හිත රිදෙයි කියන ලොකු බයකුත් මගේ හිතේ තිබුණා.

අම්මට ඕන කමක් තිබුණෙ නැත්ද ඔබට විවාහයක් කරලා දෙන්න?

මුල් කාලේ එහෙම වුවමනාවක් තිබුණා. නමුත් පස්සේ පස්සේ ඒ ගැන අම්මා වැඩිය කරදර වුණේ නෑ. මම හිතන්නේ මගේ කැමැත්තට ඉඩ දුන්නද දන්නෙ නෑ. ගෙදරදි මට හැම දෙයක්ම කරලා දුන්නේ අම්මා. කොහේහරි යන්න ඕන වුණොත් ඇඳුමක් පවා තෝරලා දුන්නේ අම්මා. මගේ මුදල් පරිපාලනය කළේ අම්මා. බැංකුවේ කොච්චර සල්ලි තිබුණද කියලවත් මම දන්නේ නෑ. මට හිතුණා මම විවාහ වුණොත් මේ කොටස ඔක්කොම බිරිඳට දෙන්න වෙනවා. එතකොට ඒක අපෙ අම්මා කොහොම දරා ගනීද කියන එක මට හිතා ගන්න බැරි වුණා. මම විවාහ වුණා නම් ඒ අම්මගේ අණසක යටතේ. අනිත් පැත්තෙන් කාන්තාවක් ගෙනත් ඇයට අසාධාරණයක් කරන්නත් බෑ. කාලය ඔහොම ගිහින් විවාහය කෙරෙන්නෙ නැති තැනට ආවා. අපේ අම්මා මිය යනකොට මට අවුරුදු 44ක්. ඒ කාලේ වෙනකොට මගේ යාළුවෝ ඔක්කොම විවාහ වෙලා. දරු මල්ලො ලබලා. අනිත් පැත්තෙන් මම වෙඩින් කරන නිසා විවාහයේ තිබෙන ගැටලුකාරී තත්වයන් හොඳීන් අත් විඳීනවා. මේක හරි අමාරු දෙයක් කියලා මට දැනෙන්න ගත්තා. සමහරු වෙඩින් කරලා ෆොටෝ ටික ගෙනියන්න කලින් ඩිවෝස් වුණු අය ඉන්නවා.

විවාහයක් නැති වුණාට ඔබට ප්‍රේමයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් වුණාද?

විවාහය කියන එක අත්‍යවශ්‍ය නෑ. නමුත් ප්‍රේමය, ආදරය අත්‍යාවශ්‍යයි. ප්‍රේමය මට තිබුණා. මම හුදකලා වෙලා කියලා මට දැනෙන්නේ නෑ. හැමෝගෙම ආදරයට බඳුන් වෙනවා. අදටත් මම ප්‍රේම කරනවා. මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙනියන කෙනෙක් නොවෙයි. ප්‍රේමය විඳීන, ප්‍රේමය හොඳට දන්න හැබැයි කිසි දෙයක් අල්ල ගන්නෙ නෑ. අල්ලගත්තොතින් තමයි අතහරින්න වෙන්නේ. දරාගන්න පුළුවන් තැනක ප්‍රේමය තියෙනවා.

විවාහයක් කර ගත්තේ නැති එක ගැන පොඩි පසුතැවීමක්වත් නැත්ද?

කිසිම පසුතැවිල්ලක් නෑ. සතුටක් මිසක්. මගේ බොහොමයක් යාළුවෝ අද කියන්නේ උඹට තියෙන සැනසීම අපිට නෑ කියලයි. මම විශේෂයෙන් හිතල විවාහ නොවුණා නොවෙයි. කොහොම හරි ඒක සිද්ධ වුණේ නෑ. අහිමි වීම් ගැන මම දුක් වෙන කෙනෙක් නොවෙයි.

සින්දු කොච්චර කියලා තියෙනවද?

මේ වනවිට ගීත 468 ක් ගායනා කරලා තියෙනවා. තව ඉස්සරහටත් පටිගත කිරීම් කිහිපයක්ම තිබෙනවා.

ජීවිතේ ඉතිරි කාලය ගෙවන්නේ කොහොමද?

මට ඕන කරදරයක් නැතිව සතුටින් ඉතිරි කාලය ගෙවන්න. ලෙඩක් දුකක් වෙලා ඇඳට වැටෙන්නෙ නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්












.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top