මේ කියන්නේ අන්න ඒ සිදුවීම ගැන අද අහන්න ලැබුණු තවත් එක් කතාවක් ගැනයි..
අනුරාධපුර ශික්ෂණ රෝහල් සිද්ධියේ ප්‍රධාන සැකකරු මාර්තු 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් නියෝග කරනු ලැබුවා...
මේ අතර, එදිනම ඔහු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ...
අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් රෝහල් භූමියේ පිහිටි නිල නේවාසිකාගාරයේදී නාදුනන පුද්ගලයෙක් තියුණු ආයුධයක් පෙන්වා බියවද්දවා ඇයව දූෂණය කර තිබුණේ ඉකුත් සඳුදා රාත්‍රියේයි..
ඉන් අනතුරුව පලාගිය සැකකරු බදාදා පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්නෑව ප්‍රදේශයේ සැඟව සිටියදී..
අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ දිනයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර සැකකරු පැය 48ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා..
සැකකරු අද පෙරවරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කෙරුණේද මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් අනුවයි..
පොලිසිය විසින් තමන්ට පහරදුන් බවට සැකකරු අධිකරණය හමුවේ පැවසීම හේතුවෙන් ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටයි නියෝග කෙරුණේ..
සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාවට ඔහුගේ සහෝදරිය සහ ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා බවට සැක කෙරෙන පුද්ගලයෙකුද ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළා..
මෙම සැකකරු කලක් චීවරධාරියෙකු ලෙස පෙනීසිට ඇති බවත් වාර්තා වී තිබුණා..