මේ කියන්න යන්නේ තවත් එක් වැදගත් විභාගයක් ගැන ඇසෙන කතාවක්..
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගය [GIT] සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් දින නියම කර තිබෙනවා.. ඒ අනුව 2023, 2024 (2025) මාර්තු මස 23 වන දා පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ..
එදින පෙ.ව 9 සිට ප.ව 12.10 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,683ක දී මෙම විභාගය පැවැත්වෙන අතර, විභාග සඳහා ප්‍රවේශ පත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වනවිටත් අදාළ පාසල් ප්‍රධානීන් වෙත තැපැල් මඟින් යොමු කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දී තිබුණා..
එසේම රජයේ පාසල් හා පෞද්ගලික පාසල් www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස 2025.03.15 දින සිට භාගත කිරීමට හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙන්නේ...