දරුවන්ටක් මේ වගේ දෙයක් තමගේම තාත්තා කරාවි කියලා කවුරුත් හිතන්නේ නැතුව ඇති...
ඒත් ඉතින් ඒ ගෙදර එකම දියණියට අවසානයේ අත්වෙලා තියෙන්නේ ලේලියෙකුගේ සැලකිලිල්ලක්..
ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.. ඒ විතරක් නෙවෙයි මේ වෙද්දී ඔහු ගෙවන්නේ ජීවිතයේ සැඳෑසමයයි.. පුතකුගේ සහ දුවකුගේ පියෙක් වූ ඔහුගේ පුතා විවාහක්.. දුව අවිවාහකයි... ඇය ගුරුවරියක්... ගුරු දියණියට විවාහයක් කර ගන්නට ඉඩදී නැත්තේ මේ පියාමයි.. මේ නිවසේ දැන් සිටිනුයේ පියා සහ ගුරු දියණිය පමණි.. පුතා සිය භාර්යාව සමග වෙනත් නිවසක පදිංචිව සිටිනවා..
පියා සමග දුව සිය නිවසේ කාලය ගත කළේ සතුටින් නම් නොවේ... පියා ඇයට පල නොකියා පලා බෙදුවා... ඔවුන් දෙදෙනා හරියට මාමණ්ඩියයි ලේලියයි මෙනි.. එනමුත් මේ පියා පුතාගේ භාර්යාව හෙවත් ලේලියට සැලකුවේ දුවෙකුට වගේමයි..
ගුරු දියණියට සිය පියාගෙන් කරදර එන්න එන්නම වැඩිවෙලා... ඇය සැමදාම පාහේ පාසලට ගියේ සතුටින් නම් නොවේ.. අඬ අඬාය.. පියාගේ අඩම්තේට්ටම් මැදයි... මේ වාතාවරණය මැද ගුරු දියණිය සිය පියාගෙන් පහර කෑ වාර අනන්තයි.. එහෙත් ඇය තමන් හරිහම්බ කරගත් දෙයින් පියාට කන්න දුන්නා..
ඔහුට ලෙඩක් දුකක් හැදුණත් බෙහෙත් ටිකද අරන් දුන්නා.. කාලය කෙමෙන් ගෙවී යමින් තිබිණු අතර, පියා ගුරු දියණියට නිතරම කීවේ සිය නිවසින් යාමටයි.. ඔහුගේ සටනත් ඒ වෙනුවෙන්.. එහෙත් දුව පියා හැර නොගියා... ඒ තමා මෙලොවට බිහි කිරීමට දායකවූ පියා රැක බලා ගැනීමේ ඒකායන අරමුණු ඇතිවයි.. තමා පියා හැර ගිය හොත් මවත් නැති නිසා ඔහු තනිවේයයි සිතුවා..
මේ පිය දියණි ගැටුම එන්න එන්නම උග්ර වූ අතර, අන්තිමේදී දුව පොලීසියට ගිහින් පැමිණිල්ලක් දැමුවා.. ඒ තමාට පියා නිවසින් යන ලෙස කිය කියා පහර දෙන බව කියමින්.. ඇය පොලීසියට පැමිණිලි කළේ ද මෙයට මෙතෙක් සාධාරණ විසඳුමක් නොලැබූ නිසාත් ඊට විකල්පයක් නොතිබූ නිසායි..
ගුරු දුවගේ පැමිණිල්ලට අනුව මේ පියා පොලීසියට කැඳවිණ. පොලීසිය ඔහුගෙන් ඇසුවේ මේ පැමිණිල්ල දමා ඇත්තේ ඔහුගේම දුවද අසමින්.. ඔහු එය සනාථ කළා.. ලොකු උන්නැහේ මොකද මේ තමන්ගේ දුවව නිවසින් පන්නන්න හදන්නේ යයි පොලීසිය ඔහුගෙන් ඇසුවා..
ඔහු කිසි බයක් සැකක් නැතිව කීවේ තමන්ගේ දුව නිවසින් පන්නලා ඒ නිවස තමාගේ ලේලියට ලියා දීමට කියායි... මේ විභාගය කළ පොලිස් නිලධාරීහු එකිනෙකාගේ මුහුණු බලා ගත්තා...
තමන්ගේ දුව නිවසින් පන්නලා ලේලියට නිවස ලියා දෙන්න හදන අපූරු තාත්තා කෙනෙක් ගැන ඇහුවේ පළමු වරට බව පොලිස් නිලධාරීන් කියන්නට වුණේ විමතියෙන්... කොතෙක් කරුණු පොලීසිය පැහැදිලි කර දුන්නත් මේ පියාගේ තීරණය එයම නිසා දැනට විසඳුමකින් තොරව එම පැමිණිල්ල තවම තිබෙනවා.. කොහොම වුණත් මේ ගැන සහෝදරයාගෙන්ද ඇයට හොඳ ප්රතිචාරයක් ලැබී නැහැ..