මේ දවස්වල කවුරුත් කතාවෙන්නේ ඒ සිද්ධිය ගැනයි.. මේ වගේ තීරණයක් ගත්තේ ඒ සිද්ධිය නිසාමද..?
ග්‍රාම නිලදාරීනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා..
ඒ අනුව, එම සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත්තේ රාත්‍රියේදී යෙදෙන ආපදා, මරණ ඇතුලු සියලු රාජකාරීවලින් ඉවත් වන බවයි..
අනාරක්ෂිත හා ජන ශූන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසා දැමීම හා තම ආරක්ෂාව තහවුරු වන ස්ථානයක සිට කාර්යාල කටයුතු සිදු කිරීම මෙන්ම පස්වරු 01 දක්වා පමණක් කාර්යාලයේ රැදී සිටීම එම වෘත්තීය ක්‍රියාමාර්ගවලට ඇතුළත්..
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගනු ලබන්නේ ග්‍රාම නිලධාරීනියන්ගේ ජීවිත ආරක්ෂාව සදහා කඩිනම් විසදුම් ලබාගැනීම සදහා බැවින්, ඊට කඩිනම් විසදුම් ලබාදෙන තෙක් සියලු ග්‍රාම නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සදහා සම්බන්ධ වන බව ද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා...