ඊයේ රාත්‍රී කාලයේ බොහෝ දෙනෙක්ට මේ පුවත අහන්න දකින්න ලැබුණා... මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි...
හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා... බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වන සිරිදත් ධම්මික බව පොලිසිය පසුව තහවුරු කරගෙන තිබුණා..
ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 61ක්...
එසේම අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ..
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි..
අක්මීමනදී හිටපු බන්ධනාගාර අධිකාරීවරයා ඝාතනයට සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදි දෙකක්, ඊයේ රාද්ත්‍රියේ සොයාගෙන තිබෙනවා..
ඒ යක්කලමුල්ල ප්‍රදේශයෙන්..
ගාල්ල - තලගහ ප්‍රදේශයේ සිය නිවසේ මිදුලේ සිටියදීයි අද පස්වරුවේ ඔහු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ..
ඔහු පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී සේවයෙන් විශ්‍රාම ලබා තිබුණා..
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ..
මිය ගිය පුද්ගලයාට අයත් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ද කිසියම් පිරිසක් විසින් 2023 වසරේ ගිනි තබා විනාශ කර තිබුණා..
ඔහු වසර 35 කට ආසන්න කාළයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර අවසන් වරට සේවය කර තිබුනේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේයි...
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය ඇතුලු විමර්ශන කණ්ඩායම් 04 ක් මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා...