මේ කියන්න යන්නේ ඒ සිදුවීම ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්... ඇගේ පාපොච්ඡාරණය ගැනයි මේ කතාව..
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන හිටපු යුධ හමුදා සෙබලා පැය 48 ක් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා... ඒ සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි...
එසේම, තොරතුරු සැගවීම, සොරබඩු ලග තබාගැනීම චෝදනාවට අත්අඩංගුවට ගත් ඔහුගේ වැඩිමහල් සොහොයුරිය ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා...
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ගල්නෑව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැණුනා. ඔහුට රැකවරණය සැලසීමේ චෝදනාව යටතේ පසුව සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය පොලිස් භාරයට ගැණුනේ ගල්නෑව - නිදිකුම්බායාය ප්‍රදේශයේදීයි...
මීට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය විසින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා...
එමෙන්ම, අද ප්‍රධාන සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු දෙකට නැමී අපහසුතාවයෙන් සිටින අයුරු දුටු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහුට දැනුම් දුන්නේ කෙලින් සිටගෙන සිටින ලෙසයි. සැකකරු ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළේ, තමාට පොලිසියෙන් තදබල ලෙස පහරදීමක් සිදුකළ බවයි. එම අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර පොලිසියට නියෝග කළේ. සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කොට වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසයි..