මේ කියන්න යන්නේ කාලගුණය ගැන ඇසෙන තවත් එක් විශේෂ පණිවිඩයක් ගැනයි..
ඉදිරි පැය 36 දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පලාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂාවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.