හැමෝම නීරෝගි ජිවිතයකට ආසා කරනවානේ... ඒත් සමහර ලෙඩ රෝගවලට අපේ ජිවිතය නතර කරන්න පුළුවන්... සමහර ලෙඩ රෝගවලින් සුවය ලබාගන්න බැරි තරම් දරුණු වුණාම ජීවිතේ ගැන තියෙන බලාපොරොත්තු අත් හරින්න වෙනවානේ...දරුණු හදවත් රෝග කියන්නෙත් එහෙම බය හිතෙන රෝගයක්...
ඒත් මේ කියන්න හදන්නේ නම් අන්න එහෙම ජිවිතේ අත් හරින්න හිතෙන මොහොතක ජිවිතේ ගැන ප්‍රාර්ථනා ලියලන අපුරු විශ්මිත කතාවක්...
දරුණු හදවත් රෝගී ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට පූර්ණ කෘත්‍රිම හදවතක් බද්ධ කිරීමෙන් පසුව දින 100ක කාලයක් ජීවත්ව රෝහලෙන් පිටව ගිය පුද්ගලයෙකු පිළිබඳව වාර්තාවනවා.
මෙම පුද්ගලයා සැලකෙන්නේ කෘත්‍රිම හදවතක් බද්ධ කිරීමෙන් පසුව රෝහලෙන් පිටව ගිය ලොව පළමු පුද්ගලයා ලෙසයි.
ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි නුවර රෝහලකදී පසුගිය වසරේ නොවැම්බර් මසදී 40 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට ටයිටේනියම් යොදා ගනිමින් කෘත්‍රිමව නිර්මාණය කළ හදවතක් බද්ධ කරනු ලැබුවා.
BiVACOR (බයිවකෝර්) නමින් හැදින්වෙන මෙම කෘත්‍රිම හදවත ඔස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥයෙකු වන වෛද්‍ය ඩැනියෙල් ටිම්ස් විසින් නිර්මාණය කර තිබෙනවා.
මෙම ටයිටේනියම් කෘත්‍රිම හදවත මිනිස් හදවතක රුධිර ප්‍රවාහය අනුකරණය කිරීම සඳහා පූර්ණ ආදේශකයක් ලෙස ක්‍රියා කළ හැකි ලොව ප්‍රථම බද්ධ කළ හැකි රුධිර පොම්ප උපකරණය ලෙසයි සැලකෙන්නේ.
පරිත්‍යාගශීලීන්ගේ හදවත් බද්ධ කිරීමක් සිදුවන තෙක් රෝගීන් ජීවත් කිරීම සඳහා ආදේශකයක් ලෙස මෙම කෘත්‍රිම හදවත නිර්මාණය කර ඇති අතර වෛද්‍ය ටිම්ස්ගේ අභිප්‍රාය වන් නේ මෙම කෘත්‍රිම උපකරණය අනාගතයේදී ස්ථිරසාර විසඳුමක් වනු ඇති බවයි.
වොයිස් - ශල්‍ය වෛද්‍ය පෝල් ජෑන්ස්
(මෙය විශාලයි වගේම ඇත්තටම ඇදැහිය නොහැකි තරම්. මෙම උපකරණය අවුරුදු 20ක කාලයක් පුරාවට නිර්මාණය වී ඇති බවට ඔබ අසා තිබෙනවා. කොහොම වුනත් අවසානයේදී රෝගීන්ට උපකාරයක් වීමට මෙම උපකරණය යොදා ගැනීමට හැකිවීම සතුටට කරුණක්)
ටයිටේනියම් යොදාගනිමින් නිර්මාණය කරනු ලැබු මෙම කෘත්‍රිම හදවත බද්ධ කර වැඩිම දින ගණනක් ජීවත්ව සිටිමින් රෝහලෙන් පිටව ගිය පුද්ගලයා ලෙස ද මෙම 40 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයා සලකනු ලබනවා.
වොයිස් - වෛද්‍ය ඩැනියෙල් ටිම්ස් - කෘත්‍රිම හදවතේ නිර්මාතෘ
(ඔහුට බද්ධ කිරීමට පෙර දින 104ක් මෙම උපකරණය තිබුණා. ඒ කියන්නේ මාස තුනහමාරක කාලයක්. ඒ වගේම ඒ අතර කාලයේදී ඔහු රෝහලෙන් පිටව ගියා. මේක තමයි එහෙම දෙයක් වුණු පළමු අවස්ථාව. අපගේ මූලික පරමාර්ථය වන්නේ මෙම රෝගීන් සාමාන්‍ය ජීවන තත්ත්වයකට ගෙන ඒමයි. දැන් ඔහු රෝහලෙන් පිටව ගොස් නැවත සාමාන්‍ය දිවි පෙවතකට පැමිණ තිබෙනවා. මේ හරහා අපට අදහාගත නොහැකි බලාපොරොත්තුවක් ලබාදී තිබෙනවා. අනාගතයේදී ඔවුන්ට නැවත බද්ධ කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට ජීවිත කාලය පුරාම මෙම උපාංගය තබා ගනිමින් ජිවත්විය හැකියි.)
මෙම රෝගියා සැලකෙන්නේ පුර්ණ කෘත්‍රිම හදවතක් ලබාගත් ලොව 6වැනි පුද්ගලයා ලෙස හා එම ක්‍රියාදාමයට භාජනය වූ පළමු ඔස්ට්‍රේලියානු ජාතිකයා ලෙසයි.
එමෙන්ම කෘත්‍රිම අවයවක් රැගෙන රෝහලෙන් පිටත්ව ගිය පළමු පුද්ගලයාද මොහු වන අතර අනෙක් පිරිස් රෝහලේ රැදි සිටිමින් පරිත්‍යාගශිලින්ගෙන් හදවතක් ලැබෙන තුරු රැදි සිටින බවයි වාර්තාවන්නේ.
එමෙන්ම මෙම ඔස්ට්‍රේලියානු ජාතිකයා හදවත් බද්ධ කිරීමේ සැත්කමකට මුහුණ දී සුවය ලබමින් සිටින බවද වාර්තාවනවා.