34 හැවිරිදි මේ සැකකරු ගැන ඇසෙන්නේ වෙනස් විදිහක ආරංචියක්..
මේ සිද්ධිය ගැනත්, ඔහුගේ මින් පෙර සිද්ධීන් ගැනත් මේ වෙනකොට යම් යම් දේ වාර්තා වෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාදා..
අනුරාධපුර ශික්ෂණ රෝහල් සිද්ධියේ ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබෙනවා..
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකරු අනුරාධපුර පොලිසිය වෙත ඊයේ රාත්‍රියේ භාරදෙනු ලැබුවා..
සැකකරු ඊයේ පෙරවරුවේ ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්නෑව හෙළ බදු ගම ප්‍රදේශයේදීයි..
ගල්නෑව පොලිසිය හමුවේ මොහු සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි කර ගැනීමට මේ වන විට හැකියාව තිබෙනවා..
ඔහු එහිදී සදහන් කර ඇත්තේ තමන් බන්ධනාගාරයේ සිට ඇප ලබා පැමිණෙමින් සිටින අතර, මුදල් නොමැති වීම හේතුවෙන් භාණ්ඩ සොරකම් කිරීමේ අරමුණින් අදාළ වෛද්‍යවරිය සිටි නේවාසිකාගාරය වෙන ගිය බවයි..
එහිදී වෛද්‍යවරිය පමණක් නේවාසිකාගාරයේ සිටිනු තමන් දුටු බවයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ..
එමෙන්ම, සැකකරු අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු බවටද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වුණා..
සැකකරු ප්‍රදේශයේ නිවාස රැසක් බිද භාණ්ඩ සොරාගෙන ඇති බවට මේ වන විට සිදුකරන විමර්ශන වලින් අනාවරණය වී ඇති අතර, මොහු මෙරට නම ගිය අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ද නම සටහන් වූ පුද්ගලයෙකු බවට ද තහවුරු වී තිබෙනවා..
සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට ඊයේ නියෝග කළා...
මෙම සිද්ධියට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ රෝහල්වල ඊයේ උදෑසන 08ට ආරම්භ කෙරුණු සංකේතවර්ජනය අද උදෑසන 08ට අවසන් කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ..