මේ විදිහේ විවාහ උත්සවයක් ගැන කිසිවෙකුත් විශ්වාස කරන්න නැතුව ඇති..
මේ කියන්න යන්නේ ඇත්තටම ටිකක් වෙනස් කතාවක්..
කවුරුත් හිතන මේ කියන්න යන්නේ අපූරු ජංගම විවාහ උත්සව කිහිපයක් ගැන ඇසෙන කතාවක්..
විවාහ නොවී අඹුසැමියන් ලෙස ජීවත් වූ පිරිසක් නීත්‍යානුකූලව විවාහ කරදීමේ ජංගම සේවයක් ඊයේ (12) දෙනියායේදී සිදුකර තිබුණා..
මෙම වැඩසටහන සඳහා 500 දෙනෙකු සහභාගී වී තිබෙනවා..
දූ දරුවන් ලබා අඹුසැමියන් ලෙස ජීවත් වූ අයටයි මෙසේ නීත්‍යානුකූලව විවාහ සිදු කර දී ඇත්තේ..
එවැනි පවුල් රැසකට විවාහ සහතික ලබා දීමට ද පියවර ගැනුණා..
එමෙන්ම හැදුනුම්පත සහ උප්පැන්න සහතිකය නොමැති අයට ආසන්න දින සලකා උප්පැන්න සහ හැදුනුම්පත් ලබා දීමද මෙහිදී සිදුකර තිබුණා..