Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
13
කේන්දරේ හැටියට ඔබේ ඉරණම ගැන දැනගන්න කැමතියිද? මෙන්න බලන්නකෝ ඒ විස්තරේ...

- කේන්දරේ හැටියට ඔබේ ඉරණම ගැන දැනගන්න කැමතියිද? මෙන්න බලන්නකෝ ඒ විස්තරේ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
ජෝතිර්වේදයට අනුව... වසර දහස් ගණනක් තිස්සේ ආපු පාරම්පරික දැනුම් පද්ධතී විශ්වාස කරන අය ඉන්නවා.. ඉතිං මේ අනාවැකි සාමාන්‍ය වශයෙන් කියන්න පුළුවන්... එහෙම දේවල් දැනගන්න කැමති අයට මේ ලිපිය වැදගත් වේවී... 

අපි හැමෝම ඉපදෙනවා මැරෙනවා... හැබැයි කොහොම වේවීද ? මෙන්න මෙහෙමයි කියලා ඔයාගේ කෙන්දරේට අනුව කියන්න පුළුවන් වෙනවා ...

ඔන්න ඉතිං මේ හදන්නේ ඒ ගැන කියන්න...

උපදින හැම සත්වයකුම මරණයට පත්වීම ස්වභාවිකය. එය කෙසේ කවදා කොහොම සිදුවේද යන්න නියත වශයෙන්ම කිවහැකි කෙනෙකු මෙලොව නොමැත. එහෙත් එය ඡ්‍යොතිෂයට අනුව අනුමාන වශයෙන් කිවහැකිය. ජන්මියාගේ කේන්ද්‍රය නිවැරැදි ලෙස සකසා ඇත්නම් මරණය සම්බන්ධව ද අනාවැකි සාමාන්‍ය වශයෙන් කිවහැක.

මරණය විවිධාකාරය. කෙනකුට එය සුවදායක අවස්ථාවක් විය හැකි අතර, තවත් කෙනකුට එය විඳදරාගත නොහැකි අවස්ථාවක් විය හැක. එය ඔවුන් කළ පින් පව් අනුව සිදුවිය හැකි දෙයකි. මේ කොයි හැටි වෙතත් ඒ ඒ අයගේ ආයුකාලය අවසන් වීම පිළිබඳ කේන්දරයේ සටහන්ව ඇති බව කිවයුතුව ඇත. කේන්දරයේ අටවැන්න හා සයවැන්න ගැන මනා අවබෝධයක් ලබා ගැනීමෙන් කෙනෙකුගේ මරණය පිළිබඳව යම් තරමකට දැනගත හැකිය.

මරණය පිළිබඳව සලකා බැලීමේදී හත, අට, දෙක හා තුන යන ස්ථාන ද වැදගත්ය. මරණය, ආයුෂ, මරණය සිදුවන ආකාරය කෙතරම් කාලයක් අසනීපයෙන් සිටිනවාද යන වග ආදී සියලු දෙයක් ගැනම ඉහත ස්ථාන හතර නිරීක්ෂණය කිරීමෙන් දැනගත හැකි ය. මෙම ස්ථාන හතරේම අධිපතියන් දුබලව සතුරු රාශිවල සිටී නම් ආයුෂ අඩුවිය හැකිය. තුනේ අටේ බලවත් ග්‍රහයින් නොමැති නම් වැඩි කලක් ජීවත් නොවේ. ශුභ ග්‍රහයින් අටේ සිටීම ද ජීවත්වීමට හේතුවන යහපත් පිහිටීමක් නොවේ. රූපාලංකාරයෙන් යුතුව ටික කලක් ජීවත්ව සිටියත් දුක් නොවිඳ වැඩිකලක් ඔත්පලව නොසිට මැදි වයස සීමාවේදී මරණයට පත්විය හැකිය.

කේන්දරයක ග්‍රහයින් පිහිටා ඇති ආකාරය අනුව කෙනෙකුගේ මරණය සිදුවෙන ආකාරය පැරණි ඡ්‍යොතිෂ්‍ය පොත්පත්වල පැහැදිලිව දක්වා ඇත. මේ අනුව කේන්ද්‍රයේ 4, 7, 10 යන ස්ථානවලදී ශනි, සඳු මිශ්‍රව සිටීම දියේ ගිලී මරණයට පත්වීමට හේතුවක් වෙයි. 8, 12 ස්ථානවල සඳු දුර්වලවීම එම ප්‍රතිඵලයම වෙයි. සඳු, රවි, මීන රාශියේ සිටීමද දියේ ගිලීමෙන් මරණයට පත්වීමට හේතුවකි.

මකර රාශියේ සඳු ද දහවෙනි රාශියේ ශනි ද සිටීම දියර වර්ගයක් විෂවීමෙන් මරණයට පත්වීමකි. සඳු, මේෂ, වෘශ්චික වැනි රාශි 6, 8 අධිපතින්ට සම්බන්ධ වී සිටීම ආයුධවලින් මරණය ඇතිවීමට හේතුවෙයි. සඳු පාප දෘෂ්ටි සහිතව හෝ ශනි, රවි සමඟ යෝගව සිටීම තමන් විසින්ම දිවිනසා ගැනීමකි. මෙහිදී සිකුරු මේෂ, වෘශ්චික රාශි දෙකේ සිටී නම් ස්ත්‍රියක් නිසා මරණය සිදුවෙයි.

ශනි, බුධ අටේ සිටීම බරපතළ පහරවල්වලින් ස්නායු පීඩාවට පත්ව දුකසේ මිය යෑමකි. අටවැන්න මේෂ රාශියේ වූයේ නම් හිස තැලීමෙනි. වෘෂභ රාශියේ නම් මුහුණද ආදී වශයෙන් ඊට ගොදුරුවන ස්ථාන මේ අයුරින් වටහා ගත හැකිය. සිව්වැන්නාධිපතිගේ පිහිටීම අනුව නොයෙක් විදියේ මරණ ඇති කරන්නේ ය. මේ අනුව හතර අධිපතියා හයවැන්නේ සෙනසුරු හෝ රාහු සමඟ යෙදීම අටවැන්නේ 6, 12 අධිපතියන් මිශ්‍රවීම වාහන අනතුරුවලින් මියයෑමට හේතුවේ.

රවි, කුජ දහයේ හෝ හතරේ සිටීම උසකින් වැටී මරණය සිදුවීමකි. මේෂ, සිංහ, ධනු යන ලග්න හිමියන්ගේ හතරවැන්නේ මේ යෝගය යෙදීම ද උසකින් වැටුණු දෙයකින් හෝ මරණය සිදුවීමට හේතු වෙයි. මිථුන, කුම්භ, තුලා යන ලග්නවලින් උපන් අයට මෙම යෝගය දහවැන්නේ යෙදීම එම ප්‍රතිඵලයම ඇති කරයි. කැපුම් කෙටුම්වල හේතුවෙන් සිදුවෙන මරණ මෙයට වඩා වෙනස් පිහිටීම් ඇති කරයි. මෙය ද සඳුගේ බලපෑම අනුවම සිදුවේ. රවි, කුජ, ශනි දහයේ සිටීම, 5, 9 ආදී ස්ථානවල සඳු සිටීම, ඊට රාහු ශනි, කුජ සංයෝග වීම, 2, 4, 10 ආදී ස්ථානවල සඳු, ශනි, කුජ සිටීම ආදී යෝග පිහි පහරවලින් මරණයට පත්වීමකි. ශනි, කුජ, රාහු අටවෙනි ස්ථානයේ සිටීමද ආයුධ පහරවලින් වන මරණයක් වෙයි. එමෙන්ම එම මරණය ක්ෂණිකවද විය හැක.

අටවැන්නේ සිටින ග්‍රහයන් අනුව ද මරණය නොයෙක් ආකාරයෙන් සිදුවේ. එනම් රවි අටේ සිටී නම් ගින්දර හෝ විදුලිසැර වැදීම නිසා ද, සඳු සිටිකල දියර විෂ වර්ග ශරීරයට ඇතුළුවී මරණයට පත්වීම ද, බුධ සිටීම නිසා ස්නායු දුර්වලකම් නිසා ද බ්‍රහස්පති හෙවත් ගුරු සිටීම ආමාශගත රෝග හෝ වාත රෝග ආදියෙන් ද, සිකුරු සිටීම ආහාර නොමැතිකම නිසා ද, සෙනසුරු සිටීම පිපාසය, වාතාබාධ ආදියෙන් ද මරණය සිදුවිය හැකි ය.

අටවැන්නේ වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශියක් වී නම් ස්වකීය ගමේදී මරණය සිදුවන බව කියැවේ. කිසියම් ජන්මියෙකුගේ අටවැන්න උභය රාශියක් වී නම් එම රාශි මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශියක් වුවහොත් එම ජන්මියාගේ මරණය අතරමඟක දී සිදුවන බව සඳහන් වේ. අටවැන්නේ රවි ග්‍රහයා තැන්පත්ව සිටීමෙන් උපන් ජන්මියා ගින්නකට හසුවීමෙන් මරණයට පත්විය හැකි ය. අටවැන්නේ බුධ ග්‍රහයා සිටීමෙන් උණ රෝගයකින් ද, අටවැන්නේ කිසිම ග්‍රහයෙකු නොසිට කිවි ග්‍රහයා දෘෂ්ටි හෙළයි නම් සෙම් සහ වාත රෝගයකින් මියයන බව කියැවේ.

ඔබේ කේන්දරයේ අටවැන්න අධිපතියා 2, 6, 12 තැපත්ව සිටී නම් නිතර නිතර ඔබ අසනීප ගතියෙන් පෙළෙන අයකු කරයි. මරණය සිදුවන්නේ ද කලක් රෝගීව ඇඳ මත සිටීමෙන් ය. අටවැන්න අධිපතියා 12 වැන්නේ සිටින විට ඔබේ මරණය සිදුවන්නේ රෝහලකය. අටවැන්න අධිපතියා තුන්වැන්නේ සිටි විට මහමඟ ගමනකදී මරණය සිදුවෙයි. අටවැන්න අධිපතියා 6 වැන්නේ සිටි විට සතුරන් මැදදී හෝ සතුරන් නිසා මරණය සිදුවීමට ඉඩ ඇත. අටවැන්න අධිපතියා අටෙහිම සිටි විට සිය නිවෙසේ හෝ සියදිවි නසා ගැනීමෙන් මරණය සිදුවේ.

සෙනසුරු අටවැන්නේ සිටීම රිය අනතුරුවලට හේතුවෙයි. කුජ දොළොස්වැන්නේත් සෙනසුරු අටේ සිටීමත් කෙනෙකු කොයිතරම් ධනවත් වූවත්, සුඛෝපභෝගි ජීවිතයක් ගතකළත් ඉතාම දුක්ඛදායි ලෙස මරණයට පත්වීමක් පෙන්නුම් කරයි.

වෘශ්චික රාශියෙන් ඉපදුන අයකුගේ අටවැන්න බුධ හිමි මිථුන රාශියයි. මිථුනයේ රවි සිටීම අනුව ඔහු හෝ ඇය වෙඩි තබා ගැනීමෙන් මරණයට පත්විය හැකිය. අටවැන්නේ ශනි ග්‍රහයා තැන්පත්ව සිටින ජන්මියාගේ මරණය නිරාහාරව ආහාර නොලබා සිටීමෙන් සිදුවෙන බව කියැවේ. හතර කේන්දරයේ එක් ග්‍රහයෙක් උච්චව අටවැන්නේ සිටි විටත් ආයුෂ අඩුවීමට හේතුවෙයි. එවන් අය බොහෝවිට හෘදය වස්තුවේ දුර්වලතාවයන්ගෙන් හෝ නහර දුර්වලතාවයෙන් මරණයට පත්වේ. අටවැන්නේ කුජ සිටීම තමාට මෙන්ම තමාගේ සහකරුට ද අල්පායුෂ ගෙනදෙන ග්‍රහ පිහිටීමකි. සඳු 8 වැන්නේ සිටීම කුඩාකල මියයන යෝගයකි. නමුත් එම සඳුට ශුභ සහ අශුභ ග්‍රහයින් වර්ග දෙකේම දෘෂ්ටි ලැබුණේ නම් එය දීර්ඝායුෂ යෝගයක් වීමට ද ඉඩ ඇත.

හිඹුටානේ පියතිලක ද අල්විස්
(උපුටාගැනීම සුබසෙත පුවත්පත)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top