ඇයට සාධාරණයක් ඉටුවෙයිද..? බොහෝ දෙනෙක් මේ සිද්ධිය ගැන මේ සිද්ධිය ගැන නිසි පරීක්ෂණ සිදුවෙන තුරු බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා..
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් අයෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...
ගල්නෑව - නිදිකුම්බායාය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, සැකකරුට සැඟව සිටීමට උපකාරක කිරීමේ චෝදනාව මතයි..
අත්අඩංගුවට ගත් කාන්තාව 37 හැවිරිදි තිදරු මවක වන අතර, පිරිමි පුද්ගලයා 27 හැවිරිදි වියේ පසුවනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියට ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක සැඟව සිටි 34 හැවිරිදි සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර මෙම සිද්ධිය මුල් කරගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු ඊයේ උදෑසන 8 ට ආරම්භ කළ වර්ජනය අද උදෑසන 8ට අවසන් කෙරුණා.