මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන කුලියාපිටිය ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි.
උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයෙහි සමාදන් කරමින් හිරු සීල පාරමිතාව උදෑසන ආරම්භ වූයේ කුලියාපිටිය ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පල්ලේකාගම රතනභාරතී හිමියන්ගේ මෙහෙයවීමෙන්.
උදෑසන 7.30ට පෝදා ධර්ම දේශනය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය කොත්මලේ කුමාර කශ්‍යප හිමියන් විසින් සිදු කිරීමට නියමිතයි.
අමා සිසිල විශේෂ ධර්ම සාකච්ඡාවක් පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙන්නේ පූජ්‍ය විහාරගම සිරිනන්ද හිමියන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහින්ද හේරත්ගේ සහභාගීත්වයෙන්.
එමෙන්ම පෙරවරු 11.00ට කාව්‍යමය ධර්ම දේශනය කාව්‍ය විශාරද පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන හිමියන් විසින් සිදු කිරීමට නියමිතයි.
පස්වරු 3.30ට “සිත් පහන් මළුව වැඩසටහන” පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.