අද කාලගුණයට කොහොම වෙනස් වෙයිද ? මේ කියන්න හදන්නේ ඒ ගැනයි....
නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ අද (13) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.