ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ඓතිහාසික සිදුවීම් රැසක් සිදුවූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබෙනවා.
සම්බුද්ධ චරිතප්‍රදානයේ පරාර්ථ චරියාවේ එක් අංගයක් වන ඥාති සංග්‍රහය පිණිස සිය ඡන්ම භුමිය වූ කිඹුල්වත් නුවරට වැඩම කළේ, අද වැනි මැදින් පුර පසළොස්වක පොහොය දිනයකයි.
ශුද්ධෝධන පිය රජුගේ ආරාධනයකට අනුවයි රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් නුවරට බුදුරජාණන් වහන්සේ වැඩමකළේ.
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමහා මා පෙළහැර පෑම, ශුද්ධෝධන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරීම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු මහණ කරවීම සහ මහ ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම වැනි කරුණු සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.