කොමඩු කියන්නේ පහසුවෙන් මිලදී ගත හැකි, පහසුවෙන් වගා කරන්නත් පුළුවන් අපේ රටේ වියලි කලාපයේ හැදෙන ඉතාම රසවත් පළතුරක්.
රසෙන් වගේම මේ පලතුර ගුණයෙනුත් පරිපූර්ණයි.
Citrullis lanatus යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කොමඩුවල නිජ භූමිය ලෙස සලකනු ලබන්නේ අප්‍රිකා මහාද්වීපයයි.
පසුව එය ආසියාවට හා යුරෝපයට පැමිණිබව වාර්ථා වේ. ඇමරිකා එක්සත් ජනපදයේ වඩාත්ම ජනප්‍රිය පළතුර ලෙස සැලකෙන්නේද කොමඩුයි. මිසර දේශයේ ඉපැරැණි චිත්‍රවල පවා මේ කොමඩු පළතුරේ සිතුවම් දක්නට ලැබෙනවා.
කොමඩු අයත් වන්නේ ලබු, පිපිඤ්ඤා, අළු පුහුල් වැනි එළවලු අයත් වන පවුලට වන අතර සාමාන්‍යයෙන් අපේ රටේ වැවෙන කොමඩු වර්ග දෙකක් තිබෙනවා.
තද කොළ පැහැති වර්ගය සහ ළා කොළ පැහැති තද වයිරම්(Hybrid) වර්ගයයි. මෙයින් පත්තක්කා ලෙස හැඳින්වෙන්නේ පැණි කොමඩුවලට සාපේක්ෂව පැණි රස අඩු වර්ගයක්.
ඉතින් කොහොමද හොඳ කොමඩු ගෙඩියක් සොයා ගන්නේ.
මුහුණු පොතේ සැරිසරන කොට ඒ ගැන හුවමාරු වෙන අපුරු සටහනක් හමුවුණා.
මේ සටහන ලියපු කෙනා නම් කියන්නේ එයා ඒ ක්‍රමය සාර්ථකව අත්හදා බැලුවා කියලයි....
"අපිට කොමඩු ගොවියෙක් මුණ ගැහුණා. හොඳ කොමඩු ගෙඩියක් සොයා ගැනීමේ රහස කුමක්දැයි මම ඔහුගෙන් ඇසුවෙමි. තද කොළ පැහැති රේඛා ඇඟිලි 2ක් පළලින් ඇති බවට වග බලා ගන්නා ලෙස ඔහු පැවසීය.
ඊයේ අපි කොමඩු ගත්තාම, මම එය පරීක්ෂාවට ලක් කර කොමඩු කපා දැමුවෙමි. එය රසවත්. හොඳ කොමඩු ගෙඩියක් හොයාගන්න සරල ක්‍රමයක් ගැන දැනගැනීම ගැන සතුටුයි. මම හිතුවා අපේ යාලුවන්ටත් තොරතුරු දෙන්න!!
උපුටා ගැනීම - මුහුණු පොතෙන්...