සෙම්ගෙඩි කියන්නේ මේ දවස් වල බොහෝ දෙනෙක්ට හැදෙන රෝගී තත්වයක්. ඉතිං මේ අසනීපය සුබ කරගන්න මුල් කාලයේදී කරන්න පුළුවන් ප්‍රතිකාරයක් ගැන දැනගන්න කැමතියි නේද? මේ කියන්න හදන්නේ ඒ ගැනයි...
සෙම් ගෙඩි සුව කරන බෙහෙත් වතුර
සාමාන්‍යයෙන් සෙම් ගෙඩි වැළදෙන්නට පය 24 කට පමණ පෙර අපේ උගුර රිදෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේ සිට තමයි අපි කියන මේ ප්‍රතිකාරය කරන්න ඕනේ. ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු මද උණුසුම් ජලය සමග දියකර උගුර සෝදන්න. මෙය පැය 4 න් 4 ට සෙම් ගෙඩි සුව වන තුරු සිදු කරන්න ඕනේ. මෙමගින් උගුරේ බැක්ටීරියා අසාධන විනාශ කරලා පැය කිහිපයක් තුල ඔබට විශාල සහනයක් ලබා දෙනවා.
සෙම් ගෙඩි සුව කරන පානයක් ලෙස
නිල් කටරොඩු මුල්, මුරුංගා පොතු සිවිය හා නික මුල් සමානව ගෙන , තම්බා , මී පැණි මිශ්‍රකර, දිනපතා උදේ සවස , අඬු කෝප්ප භාගය බැගින් පානය කරන්න.
සෙම් ගෙඩි නිවැරදි ප්‍රතිකාර මඟින් ඉතා පහසුවෙන් සුවකළ රෝගයක්. නමුත් එය නොසලකා හැරීම හේතුවෙන් තවත් භයානක රෝග රැසක් ඇති වීමට ඉඩකඩ තියේනවා . ඒ නිසා ඔබට සෙම්ගෙඩි එක් වරකට වඩා වැළඳී ඇත්නම් හෝ නිතර නිතර වැළඳෙන්නේ නම් සුදුසු වෙදමහතෙකු හමු වී ප්‍රතිකාර ගැනීම තමයි වඩාත්ම සුදුසු දේ වන්නේ. එහෙම නැත්නම් ඔබට පුරුදු විදිහට බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ...
අන්තර්ජාලයෙන්...