මේ කියන්න යන්නේ සමහරවිය ඔබට විශේෂ වෙන කාරණයක් වෙන්න ඇති..
අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් ඔබට මේ වාසිය ලබාගන්න පුළුවන්.. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
පොල් පැළ ලක්ෂ 4 ක් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙකක් අතරේ බෙදා දීමට රජය තීරණය කර තිබෙනවා...
පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සඳහන් කළේ, එක් පවුලකට පොල් පැළ දෙකක් නොමිලේ මේ යටතේ බෙදා දෙන බවයි..
එසේම, මේ වසරේදී පොල් පැළ ලක්ෂ 25ක් රෝපණය කිරීමට රජය සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළා...