හුඟාක් අය එදිනෙදා ආහාරවලට බිත්තර එකතු කරගන්නවා... ඒත්... ඔබ මිලදී ගන්න බිත්තර බරි වෙලා හරි නරක් වෙලා තිබුණොත්... ඔයාගේ මුදල් අපතේ යනවා නේද? ඒ විතරක් නෙමෙයි නරක් වූ බිත්තර අනුභව කිරීම ආහාර විෂ වීමට හේතු විය හැකි අතර, එය මරණය ඇතුළු බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරනවා...
බිත්තර වල මිල වැඩි මේ කාලේ නරක් වූ බිත්තරයක් වෙළෙඳපොලන් ගෙදරට අරන් ගියොත් ලොකු පාඩුවක් නේද...?
එහෙනම් අපි නරක් වූ බිත්තර හදුනාගන්නේ කොහොමද කියලා බලමු ද...?
දූහණය වූ බිත්තර වල විවිධ බැක්ටීරියා වර්ග බහුලව සිටී.
(සැල්මොනෙල්ලා විශේෂ,ස්ට්‍රෙප්ටොකොකස්,සිමස්ටාකොකස් මැස්ටයිටිඩිස්,බෘසෙල්ලා ආබෝටස්).
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බිත්තර හදුනා ගන්නේ කොහොමද කියලා දන්නවාද ...?
බිත්තර කටු බිදිලා ඇත්නම්/ඉරි තැලිලා ඇත්නම්,
බිත්තර කටුවෙන් බිත්තර සාරය කාන්දු වන්නේ නම්,
බිත්තර කටුව අපිරිසිදු ,අවර්ණ පෙනුමක් ගන්නේ නම්,
බිත්තර කටුවේ කුකුල් අසූචි හොදින් තැවරී ඇත්නම්,
බිත්තර කටුව කැඩූ පසු බිත්තර සාරය (සුදු/කහ මදය)තුළ ලේ පැල්ලම්,දුර්ගන්ධයක් හැමීම දක්නට ලැබීම,කියන ලක්ෂණ තියෙන බිත්තර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු වෙනවා.
එවැනි බිත්තර මිලදී ගැනීමෙන් වැළකී සිටින්න.
ඒ මොකද කීවොත් එම බිත්තර රෝගකාරක බැක්ටීරියා (සැල්මොනෙල්ලා වැනි විශේෂ )ගොඩක් ඉන්නවා.
බිත්තරයක් නැවුම්ද නරක්ද යන්න තීරණය කිරීමට බොහෝ ක්‍රම තිබේ.
ලුණු සහිත ජලය ආධාරයෙන් (බිත්තරය ලුණු වතුර සහිත භාජනයකට දමන්න: නැවුම් එක තිරස් අතට වැතිරෙනු ඇත, පැරණි එක - සිරස් අතට, කුණු වූ එක - ජල මතුපිට පාවෙයි).
බිත්තරය සොලවන්න.බිත්තරය කුණු වී ඇත්නම් ඔබට ප්ලොප් එකක් ඇසේ.
සූර්යාලෝකයේදී හෝ ලාම්පු එළියෙන් බිත්තරය දෙස බලන්න, ඔබට අඳුරු කිසිවක් නොපෙනේ නම්, බිත්තරය සාමාන්‍යයි.
බර අනුව සැසඳිය හැක. නරක් වූ බිත්තරයක් එකම ප්‍රමාණයේ නැවුම් බිත්තරයකට වඩා තරමක් සැහැල්ලු ය.
බිත්තරය පෙරලන්න.නැවුම් බිත්තරය පෙරලෙන්නේ නැත.
නැවුම් බිත්තරයක් කඩා භාජනයකට දැමූ විට , කහ මදය ප්‍රෝටීන් එකතු වන බෝලයක් හෝ ඕවලාකාරයක් මෙන් පෙනේ.
නැවුම් බිත්තර සෑහෙන කාලයක් ගබඩා කළ හැකි නමුත් සති හයකට වඩා වැඩි නොවේ. ඒවා වෙනත් ආහාර වලින් වෙන්ව ශීතකරණයක් තුළ තැබිය යුතුය.
මේ කරුණු වලට අනුව නැවුම් බිත්තර වලින් නරක් වූ බිත්තර වෙන් කර ගන්න දැන් ඔබට පුළුවන් නේද ..?
මීට පස්සේ මේ ක්‍රම අනුගමනය කරන්නකෝ...
(උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්..)