මුළුතැන්ගෙයි ඔබ අසුරා තබන ආහාරපානවලටත් ගුල්ලක් නිසා කරදරයිද..?
එහෙනම් මේ ක්‍රම කිහිපය භාවිත කරන්න... ඔබටත් මේ ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න පුළුවන් වේවි..
- කරාබු නැටි කීපයක් හාල් වලට කලවම් කර තැබීම.
- දෙහි කොළ ටිකක් වැඩියෙන් අරගෙන හාල් ඇතුලට දාලා බලන්න. දෙහි කොළ වල තියෙන පැගිරි සුවඳට මේ ගුල්ලන් වහනවා අඩුයි. දෙහි කොළ සෝදා වේලා දාන්න වග බලා ගන්න. තෙත ඉවත් වු පසුව මේ ධාන්‍ය වලට එකතු කරන්න. සුළං වදින්නේ නැති වෙන්න වසා තියන්න.
- වේලපු මිරිස් කරල් දාන එකත් හොද පිළියමක්. මේක ඉතාම සාර්ථක ක්‍රමයක්.
- අනිත් එක අමු කහ පොතු ඇරලා පෙති කපා වියළා හාල් වලට එකතු කරන්න. මේකත් අත්දැකීමෙන් ඉතා සාර්ථක ක්‍රමයක්.
- කරපිංචා හා රම්පෙ කොළ හාල් වලට දැම්මම
ගුල්ලන් ගහනවා අඩුයි. මේවාත් එකතු කරලා බලන්න. හොයා ගන්නත් අමාරු නැහැ.
- සමහරු ගම්මිරිස් ඇට කුඩු කරලා ධාන්‍ය වර්ග වලට එකතු කරලා තියෙනවා. ඒකත්
සාර්ථක ක්‍රමයක්.
- කුරුඳු පොතු හා කුරුඳු කොළත් ධාන්‍ය වර්ග වලට එකතු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්.
- කොහොඹ කොළ අපිට හොයා ගන්නත් පුලුවන්. මේකත් ගුල්ලන් සදහා හොඳ විසදුමක්.
- තවත් ක්‍රමයක් තමයි සුදුළූණු දාන එක. මේ ක්‍රමයටත් කරලා බලන්න. පරිප්පු වගේ දේවල් වලට මෙය ගොඩාක් සුදුසුයි.
- ශීතකරණයේ තියා ගන්න පුලුවන් නම් ගොඩාක් හොඳයි. ගුල්ලන් ගහන්නෙම නැහැ. අපිට ගොඩාක් ශීතකරණයේ තියා ගන්න බැරි එකයි ප්‍රශ්නෙ.
- අපිට පුලුවන් සතියකට සැරයක් වගේ අව්වට දාලා වේල ගන්න. මේ ක්‍රමයට ගුල්ලන් ගහන්නෙම නැහැ. ඒත් අපේ වැඩ එක්ක ඒක කරන්න හරි අමාරුයි.
- තව හොඳ ක්‍රමයක් තියෙනවා. ලුණු කුඩු කළවම් කරලා අව්වේ තියලා ගුල්ලන් ඉවත් කර ගන්න එක. ඉන්පසු ශීතකරණයේ තියලා ගන්න ඕනේ. දවස් හතරක් හෝ පහක් විතර තියලා පාවිච්චියට ගන්න.
- දෙහි පොතු, ලෙමන් ගෙඩි වල පොතු වේලා හාල් හා ධාන්‍ය වර්ග වලට දාලා තියන්නත් පුලුවන්. ඒකත් හොඳ ක්‍රමයක්.
- සුළං නොවදින සේ වීදුරු බෝතල් වලට දමා ගැනීමත් හොඳ ක්‍රමයක්. මේ ක්‍රමය මමත් අත්හදා බලලා තියෙනවා. සාර්ථකයි.
කරාබු නැටි කීපයක් එක්ක දාන්න පුලුවන් නම් වඩා හොඳයි.
- හාල් බෑග් ගෙනාපුවාම කාලයක් එකම පැත්තට තියන්න එපා. සතියකට සැරයක් බෑග් එක හොලවලා පැත්ත මාරු කරලා තියන්න. එයින් හාල් පුස් කාලා ගුල්ලෝ ගහන එක වළක්වා ගන්න පුලුවන්.
- හාල් ලූස් ගෙනාවම සිලි සිලි බෑග් වලින් අයින් කරලා හොඳට පිරිසිදු කරපු හාල් බෑග් වලට දාලා කට හොඳින් ගැට ගහලා තියන්න ඕනේ.