සුදුළූණු කියන්නේ ආහාර රසවත් කරන්න වගේම සුවඳවත් කරන්නත් අපි ඉතාම සුලභව භාවිතා කරන අමුද්‍රව්‍යක් ...
ඕනිම ගෙදරක නිතරම වගේ සුදුළූණු තියෙනවා...
සුදුළූණු භාවිතා කරල ඉතාලි ක්‍රමයට සුප් එකක් පිළියෙල කරගන්නෙ කොහොමද කියල ඔබට කියලා දෙන්නයි මේ හදන්නේ...
එහෙනම් අපි මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු....
අවශ්‍ය ද්‍රව්‍ය
සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි 02 ක්
ලොකු ලූණු ගෙඩියක්
ලීක්ස් ගහක්
ලොකු සම්පූර්ණ සුදුළූණු ගෙඩි 02 ක්
කුකුළු මස් තම්බාගත් වතුර කෝප්ප 07 ක්
වියළි තයිම් කොළ තේ හැඳි ½ ක්
ක්‍රීම් කෝප්ප ½ ක්
ඔලිව් තෙල් කෝප්ප ½ ක්
කුඩාවට කපාගත් පාස්ලි කෝප්ප 01
රෝස්ට් කරගත් පාන් පෙති 06 ක්
ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු
සාදාගන්නා ආකාරය
මුලින්ම අල සහ ලූණු හොඳින් පිරිසිදු කර පොතු ඉවත් කරගන්න.
පොතු ඉවත්කර සූදානම් කරගත් අල සහ ලූණු කුඩා කොටු හැඩයට කපා පසෙකින් තබාගන්න.
සුදුළූනු වලත් පොතු ඉවත් කර බික් වෙන්කරගෙන කුඩා කැබලි වලට පසෙකින් තබාගන්න.
ලීක්ස් ගසත් පිරිසිදු කරගෙන කුඩා කැබලි වලට කපාගන්න.
දැන් තරමක් ලොකු භාජනයක් ලිපතබා එයට ඔලිව් තෙල් එකතු කර තෙල් රත්වන තුරු මඳගින්නේ තබාගන්න.
තෙල් රත්වූ පසු කපාගත් ලූණු, ලීක්ස් සහ වියළි තයිම් කොළ එකතු කර හොඳින් කලවම් කරගන්න.
දැන් එකතු කරගත් ද්‍රව්‍ය තරමක් මැලවෙන තුරු තබා සුදුළූණු එකතු කර ගින්දර හොඳින් අඩුකර විනාඩි 15 ක් පමණ තබාගන්න.
විනාඩි 15 කට පසු එයට කුඩාවට කපාගත් අල සහ කුකුළු මස් තැම්බූ වතුර එකතු කරගන්න. එයට රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කර විනාඩි 25 ක් 30 ක් තම්බා ගන්න.
විනාඩි 30 කට පසු මේ මිශ්‍රණයට ක්‍රීම් එකතු කර හොඳින් කලවම් කර විනාඩියක් පමණ තබා භාජනයේ ඇති මිශ්‍රණය බ්ලෙන්ඩරයක් ආධාරයෙන් කෑලි නොසිටින සේ හොඳින් අඹරාගන්න.
අඹරාගත් මිශ්‍රණය පෙර තිබූ භාජනයටම දමා ඉතාම අඩු ගින්දරේ විනාඩි 03 ක් පමණ හැඳිගාගත් පසු ඔබ සුප් පිළිඟන්වන භාජනයට දමා උඩින් රෝස්ට් කරගත් පාන් කැබලි හෝ පාස්ලි එකතු කර පිළිඟන්වන්න පුළුවන්.
රෝස්ට් කරගත් පාන් වෙනුවට කුඩාවට කොටු කපල ඔලිව් තෙල් වල බැදගත් පාන් කැබලි එකතු කරන්නත් ඔබට පුළුවන්.
එහෙනම් හොඳටම වහින දවසක රස්නෙන් සුවඳ හමන ගුණදායක සුදුළූණු සුප් කෝප්පයක් බීල බලමු නේද?
අන්තර්ජාලයෙන්....