අනුරාධපුර ශික්ෂණ රෝහලේ වූ අවාසනාවන්ත සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළි කිරීමෙන් වැළකී සිටින්නැයි ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස 'X' පණිවුඩයක් තබමින් සඳහන් කරනවා.
එමෙන්ම ඇයගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් අදාල වාර්තා පළකරන්නැයිද සියලුම මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍යවලින් ඇමතිවරයා එම සටහන ඔස්සේ ඉල්ලා තිබෙනවා.
මේ අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අතවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ බලවත් කම්පනය හා විරෝධයද නිවේදනයක් මඟින් ප්‍රකාශ කර තිබෙනවා.
රාජකාරි පරිශ්‍රය තුලදී හදිසි රාජකාරි කටයුතුවල නිරතවෙමින් සිටි වෛද්‍යවරියකට සිදුවූ ලිංගික අතවරය සම්බන්ධ සිදුවීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි එම සංගමය පවසන්නේ.
මේ හිංසනයට සම්බන්ධ වැරදිකරුවන් හැකි ඉක්මනින් නීතියේ රැහැනට හසු කරගෙන අදාළ නෛතික ක්‍රියාමාර්ග අප්‍රමාදව ක්‍රියාත්මක කරන ලෙසයි අදාළ අංශ වෙත අවධාරණය කරන්නේ.
මේ අතර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වය හා අනන්‍යතාවය සුරැකෙන පරිදි කටයුතු කරන ලෙස සියලු මාධ්‍යවලින් එම සංගමයද ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
සිය සේවා ස්ථානය තුළ ආරක්ෂිත බව තහවුරු කිරීමකින් තොරව මෙම වෘත්තිකයින්ට සිය සුවසේවා කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම අභියෝගාත්මක එකක් බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ.
එබැවින් සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව හා රෝගීන්ගේ ආරක්ෂාව යනු කරුණු දෙකක් නොව එකක් බව අදාළ බලධාරින් අවබෝධ කරගත යුතු බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ.
එම නිසා විවිධ අභියෝග මධ්‍යයේ රාජකාරි කරන වෛද්‍යවරු ඇතුළු සුව සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේත් පොදුවේ මහජනතාවගේත් වගකීමක් බව එම සංගමය වැඩිදුරටත් පවසනවා.
