මේ වෙද්දී දේශබන්දු තෙන්නකෝන් පුවත් මවන චරිතයක් කිව්වොත් නිවැරදියි... ඔහුව සොයා පොලිස් විමර්ශ ක්‍රියාත්මකයි...
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය වරෙන්තු නිකුත් කර අදට දින 12ක්... මෙතරම් කාලයක් ගත වූවත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.
2023 වසරේ දෙසැම්බර් 31වනදා වැලිගම - පැලෑන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, පසුගිය මස 27 වනදායි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියා...
ඒත් තවමත් ඔහු ගැන තොරතුරක් නැහැ...
මේ අතර ,
මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුවයි